21

577 98 27
                                    

දෑස රුව අහසේ පායා....
දෑස මත සේදී සේයා.....
සිත සිරවී සොයයි ආදරේ.....

බිදුන සිත රහසේ පාරා......
කදුළු පිනි දෑසේ රූරා.....
සිහින ගානේ සොයයි ආදරේ....


''තමුසෙව මන් මෙච්චර පරිස්සම් කරන්නේ තමුසේ මට වටින නිසා''

'' උබට මොනා හරි උනොත් මන් එක තප්පරයක්වත් ජිවත් වෙන එකක් නැහැ සහන්'' 

ජනේලේ ලගම තිබ්බ පාඩම් මේසේ වාඩි උන මන් හෑන්ඩ් ෆ්‍රී දාගෙන      අකව්ටින් ගානක් හදන්න පොත දිග ඇරගත්තා . මේ සින්දුව පටන් ගද්දිම වගේ මට මතක් උනේ අද හවස උන සිද්දිය . මන් දන්නවා මන් කොච්චර අයියට එක එක ඒවා කිව්වාත් මන් එයාට ආදරෙයි කියලා . ඒත් එක සහෝදරයා වෙනුවෙන් තියෙන ආදරයක්ද ? අයියටත් මාව එහෙමද දැනෙන්නේ ?

 එක වෙලාවකට මට හිතෙනවා මට කවදාවත් සහෝදරයෙක්ගේ ආදරයක් දැනිලා නැති නිසා මට මෙහෙම දැනෙනවද කියලා . මට තේරෙන්නේ නැහැ දෙයියනේ ඔලුවත් එක්ක රිදෙනවා මේවා ගැන හිතද්දී . 

මන් එහෙම්ම මගේ පාඩම් මේසෙට ඔලුව තියාගත්තේ මට දැනෙන ඔලුව කැක්කුම ටිකක් අඩු වෙයි කියලා හිතලා .  

" පුතා අමාරු නම් කාලා නිදා ගන්න. උදේ ඉදම්ම මහන්සි වෙලානේ ඉන්නේ ඔයා " අම්මි මට කතා කරේ මගේ කෙස් අතරින් එයාගේ ඇගිලි ගෙනියන ගමන්. 

" හුම් " මන් කිව්වේ මේසේ ගාව හිටන් ඉන්න අම්මිගේ බන්ඩියට හේත්තු වෙන ගමන්. 

" මොකෝ සුදු ඔයා අසනීපෙන්ද ? " හුම් අම්මිටත් දැනෙන්න ඇති මන් නිකන් හෝන්දු මාන්දු වෙලා ඉන්නකොට. එයාට මගේ චූටි වෙනසක් පවා දැනෙනවා. ඒත් එක්ක මට මතක් උනේ රදිෂ් අයියා මගේ අම්මිට කිව්ව කැත කතව.

" සුදූ "

" ම්ම් " 
" කන්න යමුද " 

" ටි...ටිකක් මෙහෙම ඉන්න දෙන්න " පිට වෙන්න ගිය ඉකිය නවත්ත ගන්න ගමන් මම තවත් අම්මිව හයියෙන් බදාගත්තා. අම්මි මගෙන් අඩන්නේ  ඇයි කියලා අහපු නැති එකම මට දැනුනේ පොඩි සහනයක්. අම්මි මාව ගොඩක් තේරුම් අරන් ඉන්නේ. එකනේ මන් ගොඩක් ආදරේ. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now