Special for Christmas

697 91 5
                                    

අද දෙසැම්බර් විසි පහ. ඒ කියන්නේ නත්තල් දවස. ඇත්තටම ආගම් බේදයක් නැතුව හැමෝම කැමති නත්තල් සමරන්න. මහ ලොකුවට නැතත් පොඩියට  නත්තල් ගහක් හදන්න, ගෙදර අයත් එක්ක එකට කෑම ටිකක් ගන්න ඔන්න ඔය වගේ දේවල්. මමත්  ආසම දවසක් තමා නත්තල් දවස කියන්නේ. ඉස්සර  අම්මි මට චුටි නත්තල් ගහකුයි ගව ලෙනකුයි අරන් දීලා තිබුනා. ඉතින් මන් කරන්නේ නත්තල් ගහ ලස්සනට සරසලා ගව ලෙනත් ලස්සනට හදනවා. බල්බ් නම් දාලා දෙන්නේ අපේ ගෙදර බලාගත්ත පීට් අන්කල්. මන් පීට් කිව්වට එයාගේ ඇත්ත නම පීටර්.ඒ මන් ආදරේට කියන නම.හුම්. හැබැයි ඉතින් අපි  කොලබ ඇවිත් සමරන පලවෙනි නත්තල තමා මේක. මගේ නත්තල් ගහයි සරසන බඩුයි ඔක්කොම එහෙනේ. සයියෝ සහන් බබත් එක්ක මේ පාර සැන්ටා තරහ වෙයිද දන්නේ නැහැ එතෝට තෑගිත් නැහැ. මන් නම් කව්රු කොහොම කිව්වත් සැන්ටව තදින් විශ්වාස කරන කෙනෙක්. අනික හැම නත්තලකටම මට ක්‍රිස්මස් ට්‍රී එක යට එයා තෑගි තියලා යනෝ. හුම්. 

නත්තල් ගහ සරසන්න බැරි දුක නිසා ටිකක් ටීවී එක දාගත්ත මන් නළු නිලියෝ එක්ක කරපු නත්තල් වැඩසටහන් වගයක් බැලුවා. ew ew මීට වඩා හොදයි රෙදි නැතුව ආවානම්. මන් දැක්කා එයාර්ලයිනුත් ඇවිත් හිටියා. සම්මාන අදත් හම්බෙයි වගෙයි එයාට. ඒ විකාර බලන්න බැරි නිසා කිඩ්ස් චැනල් එකක් දාගත්තම එකේ ලස්සන නත්තල් ගහක් සරසනවා. අනේ සෝක් අප්පා හරිම ලස්සනයි. මටත් තිබුනානම්. මන් ඉතින් තොලුත් බෙරි කරන් ඒ ප්‍රෝග්‍රෑම් එක දිහා බලන් හිටියා. ඒ ක්‍රිස්මස් ට්‍රී එක නම් වාව් වාව් වාව්. හරිම ලස්සනයි. 

" තමුසෙටත් ඕනිද ට්‍රී එකක් " මගේ අවදානේ බිදුනේ අයියා මට කතා කරාම. එයා මන් ඉදගෙන හිටිය සෝෆා එකේ එහා පැත්තෙත් ඉදගෙන  . මන් එයා එනවවත්  දැක්කේ නැහැ. මගේ සම්පුර්ණ සිහිය තිබ්බේ ට්‍රී එකේනේ. හීහී 

" ඔයා අරන් දෙනවද ඒයි " මන් ඇහුවේ මගේ අයියා ගැන ලොකුම ලොකු  ආදරයක් හිතේ පුරවගෙන. අනේ ඉතීම් මන් බැන්නට මෙයා හරි හොදයි අප්පා. නැද්ද කෙල්ලනේ. ආදරේ නිසානේ මේ ඔක්කොම 

" හුම් " බකමුනා උනත් මගෙනේ. හුම්.

" ඒයි මේ මාත් එන්නද යන්න " අයියා සෝෆා එකෙන් නැගිටිද්දී මන් ඇහුවේ ගෙදර ඉන්න කම්මැලි නිසා.

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now