20

650 101 26
                                    


" හාවා ගියා කඩේ

අරගෙන ලොකු කුඩේ

හාවා වැටුනා මඩේ

කුඩේ ඇනුනා බඩේ "

බස් එකෙන් බැහැලා අපේ ගෙදරට යන පාරේ කුඩෙත් කරකවන ගමන් මන් ගියේ හයියෙන් සින්දුවක් කියන ගමන්. මෙන්න මේ වෙලාවට තමා ළමයිනේ මගේ මොන්ටිසෝරි මානසිකත්ව ඔළුවට ගහන්නේ. හේ හේ

" ආ....සුදු මැණික කොහෙද ඉතින් මේ තනි පංගලමේ යන්නේ "

" ර......රදිෂ් අයියේ " මන් හිතන්නේ දැන් මන් ඉන්නේ මැරෙන්න තරම් බයෙන්. ඔයාලා හිතනව ඇති මන් කොල්ලෙක් වෙලත් තවත් කොල්ලෙක්ට ඇයි මෙච්චර බය වෙන්නේ කියලා කෙල්ලොත් මීට වඩා හොදයි කියලා. ඒත් මට තේරෙන්නේ නැහැ මගේ ඔළුවට අපැහැදිලි රූප ටිකක් මැවුනත් ඒත් එක්ක එන තද ඔලුවේ කැක්කුමක් එක්ක මට ඒ මොකක්ද කියලා  හොයා ගන්න අමාරු වෙනවා. හරියට මම කාට හරි පොඩි කාලේ වැඩියෙන්ම බය වෙලා හිටියා වගේ එකක්. ඒත් ඇයි මට රදිෂ් අයියට ම මෙච්චර බය හිතෙන්නේ.

" ඉතින් ක්ලාස් ඇරිලා මේ එන ගමන්ද ? " මට ඇත්තටම දැනුනේ ලොකු බයක් මොකද මෙහෙම කෙනෙක්ගේ අවදානයට ලක් වෙන එකත් ටිකක් බයානක දෙයක්. මිගාරයා කියපු විදියට මෙයා කලින් මල්ලි කෙනෙක්ට ත් කරදර කරලා තියෙනවා අන්තිම ඒ ළමයා ස්කුල් එකෙන් අස් වෙලා ගියා වගේම මේ මනුස්සයටත් සති දෙකක් පන්ති තහනම් උනා. ඒත් මේකාට ලැජ්ජාවක් නැහැනේ. 

" ඔයා කොහොමද දන්නේ මට ක්ලාස් කියලා " මන් කිව්වේ එයාට බය පෙන්නන්නේ නැතුව. 

" අයියා තමන්ගේ මල්ලි ගැන දන්නේ නැතුව කව්රු ගැන දැන ගන්නද මැණිකේ  " එයා කිව්වේ මගේ පැත්තට එන ගමන්. මේ මනුස්සයට හොදටම පිස්සු තද වෙලාද කොහේදෝ නැත්තම් මූ මගේ අයියා වෙන්නේ කොහොමද ? මේකා බීලවත් ද දන්නේ නැහැ පිස්සු කියවන්නේ. ඒත් දැන් මේ මනුස්සයා මගේ ලගට  එන විදිය නම් මට අල්ලන්නේ නැහැ. 

එයා ලගට එද්දී කුඩයත් අතට තද කරගත්ත මන් පස්සෙන් පස්සට ගියා. මේ හරියේ ගෙවල් තිබ්බත් මිනිහෙක් මැරුවත් උන් ගෙදරින් එලියට එන්නේ නැහැ.ඒක තමා අපේ පැත්තේ හැටි . මන් කොහොමද දෙයියනේ මුගෙන් බේරෙන්නේ.

නපුරු ඇස්  👀❤️Onde histórias criam vida. Descubra agora