25

565 108 26
                                    

"එහෙම පුලුවන්ද බන් මුන් මේ මොකාටද එන්න හදන්නේ ? " අපි හිටියේ වට්සැප්  කෝල් එකක. අපි කිව්වේ මායි දෙනුවනයයි . ඔයාලට කියන්න කෙල්ලනේ අපේ මනුස්සයෝ ටික අපිව දාලා ට්‍රිප් එකක් යන්න කල්පනාව. එව්වා කොහෙද අපිත් එක්ක. බලමුකෝ දාලා ගියොත් ගලවනවා කෙස් ගස් එකින් එක. දන්නේ නැහැ තමා මේ සහන් ගේ හැටි. හුම් . අඩුම මන් දන්නෙවත් නැහැ ට්‍රිප් එකක් එයාලා යනවා කියලා. ඒකත් අනිද්දා. මන් කියන්නේ නිකමනටවත් අපේ මනුස්සයට බැරිද මාව මේ ගැන දැනුවත් කරන්න. තුරු සුනකයා. 

" මුන් මේ අපිව දාලා කෑලි ටිකව බලන්න යනවා කියලා හිතෙන්නේ නැද්ද සහන් " ඒ කිව්වේ දෙනුවනයා. පොරට නම් මල යකා නැගලා ඉන්නේ ඌ ව දාලා යනවට. දැන් ඔයාලා බලනවා ඇති දෙනුවනයා කොහොමද දන්නේ අයියයි මායි ලව් කියලා නේ. 

ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ. අපේ අයියා ගෑනි වගේ ඉතින් ඔක්කොම මතිෂ් අයියට කියලනේ. ඉතින් මතිෂ් අයියත් නිකන් ඉදලා නැහැ එයාගේ සතුට දෙනුවනයා එක්ක බෙදාගෙන. අන්තිමට ඉතින් උනේ අපේ සෙට් එකම ඒක දැනගත්තා. ඉතින් ඒකෙනුත් අන්තිමට අසරණ උනේ සහන් බබා. මුන්ගේ ඔක්කොම චාටර් කතා අහගෙන අන්තිමට සෙට් උන සතුටට මට පාර්ටි දෙන්නත් උනා. අපරාදේ ඉතින් සල්ලි. අයියගේ තමා ඒත් ඉතින් දැන් ඒවා අපේ නේ. 

" ඔව් ඔව් අපි මේකට යන්නම ඕනේ. නැත්තම් එයාලව ගෙදර තියාගන්න ඕනේ " මන් ඉතින් දෙනුවනයව තවත් ෆෝම් කරා. 

" එහෙනම් මන් තියනවා කොල්ලෝ . කොහොම හරි අපි දෙන්නත් යමු. ෆයිටීන් " මන් ඉතින් සහනයටත් සටන කරන්න ගැම්මක් දීලා ෆෝන් එක කට් කරලා වොෂ් රූම් එකට ගියේ වොෂ් එකක් දාගන්න හිතන්. 


වොෂ් එකක් දාගෙන බේබි පව්ඩර්, කොලොන් නාගෙන මන් පහලට ආවේ අම්මිව හොයන්. දවල්ට කෑවට මොකෝ පට්ට බඩගිනි අප්පා දැන් නම්.

" අම්මි බඩගිනි නේ අප්පා " මන් කිව්වේ ටීවී එකේ නළු නිළියන්ගේ විකාර බල බල හිනා වේවි ඉන්න අම්මි දිහාට ඇදෙන ගමන්.

" ෆ්‍රිජ් එකේ ඇති බලන්න බිස්කට් එකක් " අම්මි කිව්ව සැනින් මන් හිටියේ ෆ්‍රිජ් එක ගාව. මන්ම කාලා ඉවර කරලා තිබ්බ චොකලට් පෆ් එකේ ඉතුරු වෙලා තිබ්බ එකම එක බිස්කට් එකත් අරන් මන් ගියේ එළියේ තිබ්බ ඔන්චිල්ලාව ගාවට. 

නපුරු ඇස්  👀❤️Where stories live. Discover now