Lili's story - ආදරෙයි ලොලීටා..

162 15 0
                                    

මගේ ආදරණීය ලොලීටා.. අවසානයේ ඔයා නිදහස් වෙනවා..

ලිලී කියන්නෙ නිකන්ම මං මවපු ඔර්කාවෙක් නෙවෙයි.. ලිලීව මං හැදුවෙ ලොලීටා එක්ක.. 1970දි තමන්ගෙ අම්මගෙන් වෙන් කෙරුනු ලොලීටව අල්ලගන්නෙ වොශින්ටන් ප්‍රාන්තය ආසන්නයේ තිබෙන විඩ්බේ දූපත අසලදී.. ඔර්කා රංචුවක් වටකරගත්ත ආයුධ රැගත් මිනිසුන් අතින් කෙරුනු සංහාරයකින් පස්සෙ ඔර්කා සතුන් හතලිහක් පනහක් විතර ඔවුන්ගේ නිජබිම උන සාගරයෙන් වෙන් කරලා එක එක තැන් වලට ගෙනියනවා.. ලොලීටා කියන්නෙත් එයින් එක්කෙනෙක්..

අවසානයේ Miami seaquarium තටාකයක සර්කස් සංදර්ශන වලට පෙනී ඉන්න ලොලීටට සිදු වෙනවා.. බලහත්කාරයෙන් පුහුණු කෙරුනු තමා කිසිදා කිරීමට බලාපොරොත්තු නොවුනු සංදර්ශන වල යෙදෙන්නට ලොලීටාට සිදු වෙනවා.. ගෙවුණු වසර පනහක කාලය ඇගේ ජීවිතය ඉතාමත් අවිවේකි දුක්බර කුඩා සිර ගෙයක් තුල ගෙවන්නට ඇයට සිදු වෙනවා..

Miami seaquarium තටාකය වඩාත් කුඩා තල්මස් තටාකය ලෙසයි සලකන්නේ.. මේ තටාකයේ ගෙවුණු මුල් වසර දහය ලොලීටා දිවි ගෙවන්නේ හියුගෝ නම් තවත් පිරිමි ඔර්කාවෙක් එක්ක.. නමුත් දැඩි මානසික ආතතියකට ලක් උන හියුගෝ තටාකයේ බදෙහි නොනවත්වා හිස හප්පා ගනිමින් තමන්ගෙ වහල් ජීවිතය නිමා කරගන්නවා.. ඒ හිසේ අභ්‍යන්තරයේ සිදු උන ලේ ගැලීමක් නිසා.. ඒක සියදිවි නසා ගැනීමක්.. නෑ සියදිවි නසාගන්නට කරපු බලකිරීමක්.. 1980 වසරදි සිදු උන ඒ මරණයෙන් පස්සෙ වසර හතලිහක් පුරා ලොලීටාට හුදෙකලා වෙන්න සිදු වෙනවා.. තමන්ගේ වර්ගයා නොදකිමින් කුඩා තටාකය තුල එහෙ මෙහෙ පිහිනමින් සිටින්නට ඇයට සිදු වෙනවා.

2021 වසරෙදි Miami Seaquarium හි පාලනාධිකාරිය වෙනස් වෙනවා.. ඒ The Dolphin company අතට එය පත් වීමෙන්.. එක්සත් ජනපද බලධාරීන්ගේ කොන්දේසි වලට යටත්ව ලොලීටා විශ්‍රාම යැවිය යුතු බවට ඒ ආයතනය තීරණය කරනවා. USDA මගින් කරපු පරීක්ෂණ වලින් හෙළි වෙනවා ලොලීටා දැඩි මානසික හා ශාරීරික ආබාධ වලින් පෙලෙනවා කියලා.. ඒ විතරක් නෙවෙයි.. Miami Seaquarium බලධාරීන් ඇයට දීලා තියෙන්නෙ කල් ඉකුත් වූ අපිරිසිදු ආහාර..

2022 වසරෙදි ලොලීටා විශ්‍රාම යවන්න කටයුතු කරනවා සහ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇයව නිරන්තරයෙන් පරීක්ෂා කරනවා.. ටිකෙන් ටික ඇයගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙනවා.. ඒ වගේම එයාව නැවත සාගරය මුදාහරින්න සූදානම් බව පසුගිය මාර්තු මාසයේ දැනුම් දෙනවා නව පාලනාධිකාරිය විසින්..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now