11th whale🐳

306 70 5
                                    

පර්ස් එක ඇතුලෙ ට්‍රාන්ස්පේරන්ස් පොකට් එකේ එළියට පේන්න තිබුනෙ BTS ARMY මෙම්බර්ශිප් කාඩ් එකක්..

"මේ කෙල්ල ආමි කෙනෙක්ද?? මට හිතුනෙවත් නෑනේ.." ජන්ග්ගුග් තමන්ටම මුමුණගන්න ගමන්  කාඩ් එක අතට ගද්දි ඒත් එක්කම ඇදිලා ඇවිත් බිමට වැටුනෙ ෆොටෝ කාඩ් එකක්.. පහත් වෙලා ෆොටෝ කාඩ් එක අතට ගත්ත ජන්ග්ගුග් ඒකෙ ඉදපු තමන් ඇතුළු BTS මෙම්බර්ස්ලා හත් දෙනාගෙම මූණු දිහා බලාගෙන ඉදියා..

ජන්ග්ගුග්ට දැනුනෙ කියාගන්න බැරි අමුතු හැගීමක්.. "ක්ලාරා එම්බර්ට්" ජන්ග්ගුග් මෙම්බර්ශිප් කාඩ් එක අතට අරගෙන අනිත් පැත්ත හරවලා නම කියෙව්වා.. යන්තම් මූණට හිනාවක් ගත්ත ජන්ග්ගුග් කාඩ් දෙකම තිබ්බ තැනින් දාලා පර්ස් එකෙ අනිත් පොකට් අවුස්සලා බැලුවා.. හැදුනුම්පත ඩ්‍රයිවින් ලයිශන් එක වගේ වැදගත් ලියකියවිලි ඇද ඇද බලලා පර්ස් එක පැත්තකින් තියපු ජන්ග්ගුග් හැරුනෙ අනිත් බඩු ටික දිහාවට..

"මේ මොකක්ද??" තද දම් පාට පිටකවරයක් තිබුනු ටිකක් පරණ පොතක් ජන්ග්ගුග්ගෙ අවධානය ගන්න සමත් උනා.. ජන්ග්ගුග් ඒක අතට අරගෙන බැලුවම එයාට තේරුනා ඒක ඩයිරියක් කියලා..

"ආහ්හ්හ්හ් මේක ලොක් කරලනෙ.. යතුර නැද්ද දන්නෑ.." බෑග් එකේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම පෙරලලා බැලුවත් යතුරක් නම් ජන්ග්ගුග්ට හම්බ උනේ නෑ..

"ආ... පර්ස් එකේ යතුරක් තිබ්බා වගේ මතකයි.." තමන්ටම මුමුණගත්ත ජන්ග්ගුග් ආයෙත් පර්ස් එක අතට අරගෙන පර්ස් එකේ බැලුවා.. පර්ස් එකේ පොකට් එකක තිබ්බ යතුර අරගෙන ලොක් එකට දාලා බැලුව ජන්ග්ගුග්ගෙ මූණට ජයග්‍රාහී හිනාවක් ආවෙ ලොක් එක ඇරුන නිසා..

ඩයිරියේ ඇරලා පිටු කීපයක් පෙරලලා බලලා අයෙමත් මුල් පිටුව පෙරළලා මුල් පිටුවෙ උඩම ලයින් එක කියවද්දි ජන්ග්ගුග්ගෙ කට බාගෙට ඇරුනා.. මොකද කෙල්ල ඩයිරිය ලියලා තිබ්බෙ ජන්ග්ගුග්ට.. "මේ කෙල්ලගෙ බයස් මමද යකෝ.." ජන්ග්ගුග්ට කියවුණා.. ආයෙමත් ඩයිරියෙ පිට කවරෙ දිහා බලපු ජන්ග්ගුග් පිටු වේගෙන් පෙරලගෙන ගිහින් ඔලුව දෙපැත්තට වැනුවා..

"අනුන්ගෙ ඩයිරි කියවන එක නරක පුරුද්දක් උනත් මේක කියවන්නම ඕන.." කට කොනකින් හිනා උන ජන්ග්ගුග් තමන්ටම මුමුමගෙන යතුර ගලවලා පර්ස් එකට දාලා ඩයිරිය ලොක් නොකර පැත්තකින් තිබ්බා.. බෑග් එකේ තිබ්බ බඩු සේරම ඒකට දාලා බෑග් එක තිබ්බ තැනින් එල්ලපු ජන්ග්ගුග් ඩයිරිය අරන් කාමරේට වැදුනා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now