21th whale🐳

321 74 4
                                    

එකපාරටම කෙල්ල ගැස්සිලා ගියේ බද වටේ එතුන අත් දෙකක් නිසා.. කෙල්ල අනිත් පැත්ත හැරුනෙ බය වෙලා.. ක්ලාරා දැක්කෙ කට කොනකින් හිනා වෙන ගමන් තමන්ගෙ දිහා බලන් ඉන්න ජන්ග්ගුග්ව..

"ජ ජන් ජන්ග්ගුග්... එහාට වෙන්නකෝ.. කවුරුහරි දකියි.."

"කවුරු හරි දකින එකද ප්‍රශ්නෙ??"

ජන්ග්ගුග් ගැඹුරු හඬකින් අහද්දි ක්ලාරා එහෙට මෙහෙට දැගලුවෙ ජන්ග්ගුග්ගෙන් ගැලවෙන්න..

"අ අ අන්නේහ් අ අයින් වෙන්නක් කෝ.."

ක්ලාරා ගොත ගගහා කියද්දි ජන්ග්ගුග් ක්ලාරා දිහා බලාගෙන ඉදියෙ දිලිසෙන් දෑසින්..  ක්ලාරගෙ දිලිසෙන කම්මුල්, කලබලයෙන් එහෙ මෙහෙ දුවන නිල් පාට ඇස්, යන්තමට වෙව්ලන රෝසපාට දෙතොල් දිගේ ජන්ග්ගුග් දෑස් අරගෙන ගියේ පරිස්සමට.. කෙල්ල හරියට උදේ පාන්දර පිපුණ සූරියකාන්ත මලක් වගේ.. ජන්ග්ගුග්ට හිතුනා..

ජන්ග්ගුග් ක්ලාරගෙ ඉන වටේ එක අතක් දාගෙන අනිත් අතින් කෙල්ලගෙ මූණට වැටුනු කොණ්ඩ කැරැල්ලක් පරිස්සමට කණ පිටිපස්සෙන් රැදෙව්වෙ ක්ලාරගෙ ඇස් දිහාම බලාගෙන... ජන්ග්ගුග්ගෙ අතැගිලි කන පිටිපස්සෙ දැවටෙද්දි ජන්ග්ගුග්ගෙ උණුසුම් හුස්ම ක්ලාරගෙ ගෙල පාමුල දැවටුනේ ක්ලාරගෙ ඇගපුරා සියුම් හිරියක් යවමින්..

ඒත් එක්කම ක්ලාරගෙ මූණට බර උන ජන්ග්ගුග් ක්ලාරගෙ දෙතොල් පරිස්සමට තමන්ගෙ දෙතොලින් අල්ලගත්තෙ ක්ලාරා ඇස් දෙකත් ලොකු කරගෙන ජන්ග්ගුග් දිහා බලා ඉද්දි.. ජන්ග්ගුග්ගෙ එක අතක් ක්ලාරගෙ හිස පිටුපස රැදෙද්දි අනිත් අත ක්ලාරගෙ බද වටේ එතිලා තිබුනා.. ක්ලාරගෙ වෙව්ලන දෙතොල් ජන්ග්ගුග්ගෙ හාදුවෙන් උණුසුම් වෙද්දි ක්ලාරගෙ අත් නොදැනුවත්වම ජන්ග්ගුග්ගෙ ජැකට් එක දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තෙ ක්ලාරගෙ ඇගපුරා සියුම් හිරියක් දුවද්දි..

තප්පර කීපයකින් ජන්ග්ගුග් කෙල්ලගෙ දෙතොල් වලින් ඈත් වෙලා කෙල්ලගෙ මූණ දිහා බැලුවා.. සන්සුන්ව දෑස් පියාගෙන ඉදපු ක්ලාරා හිමින් ඇස් අරිද්දි ජන්ග්ගුග් ක්ලාරගෙ නිල් පාට ඇස් ඇතුලෙ අතරමං උනා.. ක්ලාරා තමන්ගෙ ඇස් වලට එබිලා ඉන්න ජන්ග්ගුග්ගෙ කලු පාට බෝල ඇස් දිහා තප්පරයක් බලාගෙන ඉදියා.. ජන්ග්ගුග්ගෙ ජැකට් එකේ කොලර් එකෙන් ඇදලා ළගට ගත්ත ක්ලාරා ජන්ග්ගුග්ගෙත් තමන්ගෙත් අතරෙ තිබ්බ සෙන්ටිමීටර් කීපයක පරතරය නිමාකරලා ජන්ග්ගුග්ගෙ දෙතොල් තමන්ගෙ දෙතොලින් අල්ලගත්තෙ ජන්ග්ගුග්ගෙ ඇස් වලට හිනාවක් එද්දි...

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now