30th whale🐳

265 61 2
                                    

කැම්පස් එකේ ලයිබ්‍රි එකට වෙලා පොත් ගොඩක් අස්සෙ රිංගගෙන ඉදපු ක්ලාරා ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් එකක් ආව නිසා..

ක්ලාරා මැසේජ් එක ඕපන් කරලා බැලුවෙ ඈනුමක් යවන ගමන්.. ක්ලාරගෙ ඇස් දෙක ලොකු වෙලා කට ඇරුනෙ මැසේජ් එකේ තියෙන දේ දැකලා..

ක්ලාරා තප්පරේට දෙකට ලයිබ්‍රියෙන් එළියට ගිහින් බිලීට කෝල් එකක් ගත්තෙ කලබලෙන්..

"ඕ අක්කා.."

"බිලී.. මොකක්ද මේ වෙන්නෙ??"

ක්ලාරගෙ කලබලකාරී කටහඬට බිලීගෙ මූණට ආවෙ හිනාවක්..

"අක්කා බී කූල් අනේ.. මස්සිනා වැඩ්ඩා ඈ.. සූ එකේ පේජ් එක බලන්නකෝ.. මුළු ලෝකෙම කතා කරන්නෙ බුල් බුල් ගැන.."

බිලී කියද්දි ක්ලාරා තප්පරේකට නිශ්ශබ්ද උනා..

"බිලී.. මේකෙන් කුකීට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද??"

ක්ලාරගෙ කල්පනාකාරී කටහඬ ඇහෙද්දි බිලීත් තප්පරයක් දෙකක් කල්පනා කරේ තමන් නොහිතපු පැත්තක් ගැන..

"නැති වෙයි.. අපි දැනට එහෙම හිතමු.."

බිලී කියද්දි ක්ලාරා බිලීගෙන් සමු අරන් කෝල් එක කට් කරලා ටික වෙලාවක් කැම්පස් භූමියේ එහෙ මෙහේ යන ළමයි දිහා බලාගෙන ඉදියා.. ගැඹුරු හුස්මකින් ළය නිදහස් කර ගත්ත ක්ලාරා හිස් බැල්මක් ඇස් දෙකේ රදවගෙන ඉවෝඩියා හෙවණක බංකුවකින් වාඩි උනේ කල්පනාබරව.. ෆෝන් එකේ ඩේටා ඔන් කරලා ට්වීටර් ට්‍රෙන්ඩින් ලිස්ට් එක චෙක් කරපු කෙල්ලගෙ මූණට දුක්බර හිනාවක් ආවෙ උඩින්ම තියෙන please save bulbul ටැග් එක දැකලා..

"මේවා නිසා ඔයාට ප්‍රශ්නයක් උනොත් මට කවදාවත් මටම සමාවක් දෙන්න බැරි වෙයි කූ.. මගේ ප්‍රශ්න ඇතුලට මං ඔයාව ඇදලා ගත්තට මට සමාවෙන්න.."

ක්ලාරා දෑසට පිරෙන කදුළු ඇසිපිය සලමින් සගවගෙන වෝල් පේපර් එකේ තිබ්බ ජන්ග්ගුග්ගෙ ෆොටෝ එක දිගේ ඇගිලි තුඩු ගෙනියමින් තමන්ටම මුමුණ ගත්තා..

"යා මෝඩයෝ මොකක්ද මේ කරේ??

එක පාරටම ජන්ග්ගුග් වාඩි වෙලා ඉදපු තැනින් නැගිට්ටවුණේ කෑගහගෙන මේකප් රූම් එකට කඩාගෙන වැදුන ලියෝනගෙ සද්දෙට..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now