31th whale🐳

257 58 10
                                    

එක පාරටම අහස මල්වෙඩි වරුසාවකින් එළිය වෙලා ගියේ ක්ලාරගෙ ඇස් පුදුමයෙන් මහත් කරලා.. අඩි දෙකක් ඉස්සරහට තියපු ක්ලාරා අහස පුරා විසිරෙන මල් වෙඩි දිහා බලාගෙන ඉදියෙ ආසාවෙන්.. මල් වෙඩි වල ආලෝකය සැරින් සැරේ ක්ලාරගෙ මූණට වැටෙද්දි දිලිසෙන ක්ලාරගෙ ඇස් දිහා ජන්ග්ගුග් බලාගෙන ඉදියා..

"වාව්.. හාහ්.. ලස්සනයි.."

ක්ලාරා තමන්ටම මුමුණගත්තෙ ජන්ග්ගුග්ගෙ මූණට ආඩම්බරකාර හිනාවක් ගෙන්නලා..

"අනේ හරිම ලස්සනයි කොමාවෝ කූ.."

ක්ලාරා ජන්ග්ගුග්ගෙ දිහා බලලා ඇස් දෙක චූටි කරලා හුරතල් මූණක් හදාගෙන කියද්දි ජන්ග්ගුග් කෙල්ලට ඇහැක් ගහලා හිනා උනා..

"ඔයා කොහොමද දන්නෙ මං මල් වෙඩි බලන්න ආසයි කියලා??"

"ඒක රහසක්.."

ජන්ග්ගුග් ක්ලාරගෙ පැත්තට බර වෙලා කියද්දි ක්ලාරා ඇස් දෙක චූටි කරගෙන ජන්ග්ගුග් දිහා බලාගෙන ඉදියෙ රහස අනුමාන කරන්න වගේ..

"ආහ්හ් මට හිතා ගන්න බෑ.."

ක්ලාරා ඔලුව දෙපැත්තට වනලා කියද්දි ජන්ග්ගුග් හිනා වෙලා ක්ලාරගෙ කොණ්ඩෙ අවුල් කරලා දැම්මෙ ක්ලාරා කෑ ගහද්දි..

"ඔයා දන්නවද මෙහේ මාසෙකට පාරක් වගේ මල් වෙඩි සංදර්ශනයක් තියෙනවා.. ගොඩක් කට්ටිය එනවා බලන්න.. ඒත් අද එච්චර කට්ටිය නෑ.. ඔහ්.. අමතක උනා.. මෙතනම ඉන්න තප්පරෙන් එන්නම්.."

කියපු ජන්ග්ගුග් හැරිලා ස්ට්‍රීට් ෆුඩ් ට්‍රක් එකක් පැත්තට යද්දි ක්ලාරා ජන්ග්ගුග් දිහා බලාගෙන ඉදියා.. ටික වෙලාවකින් ජන්ග්ගුග් ආවෙ පොඩි පෙට්ටියකුත් අරගෙන.. ඒක ක්ලාරගෙ අතට දීපු ජන්ග්ගුග් ඒක අරින්න කියලා හිසෙන් සන් කරා.. ක්ලාරා ඒක ඇරලා බැලුවෙ කුතුහලෙන්..

"හාහ්හ්හ්.."

ක්ලාරා ලොකු කරගත්ත ඇස් වලින් ජන්ග්ගුග් දිහා බැලුවෙ පුදුමෙන්..

"ඩෝනට්.."

ක්ලාරා කියද්දි ජන්ග්ගුග් හිනා වෙලා කොලර් එක පැත්තකින් ඉස්සුවෙ ආඩම්බරෙන්..

"ඒත් ඔයා කොහොමද??"

"යාහ්හ් කට වහන් ඕක කනවකෝ.."

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now