28th whale🐳

272 61 14
                                    

ජන්ග්ගුග් උදේ පාන්දර ඇහැරුනේ ෆෝන් එකට ආව කෝල් එකක් නිසා..  නිදාගෙන ඉදපු ඉරියව්වත් වෙනස් කරන්න මහන්සි නොවුන කොල්ලා නිදිමතේම  ඇදේ එහේ මෙහේ අත යවලා ෆෝන් එක ආන්සර් කරලා කනේ තියාගෙන හෙලෝ කිව්වෙ කතා කරේ කවුද කියලවත් නොබලා..

"කුකී.."

"ඕ ජින් හ්‍යුන්ග් කියන්න.." ජන්ග්ගුග් ෆෝන් එක කනට තද කරගෙන ඇදේ අනිත් පැත්තට හැරුනා.. ජනෙල් කවුළුවෙ රෙද්ද එහෙ මෙහෙ වෙලා වැටෙන උදෑසන ආලෝකය කෙලින්ම ආවෙ ජන්ග්ගුග්ගෙ මූණට.. ඇස් දෙක තද කරලා පියා ගත්ත ජන්ග්ගුග් කට ඇද කරගත්තා..

"අද මොකද කරන්නෙ??"

"අද ශූටින් තියෙනවා හ්‍යුන්ග්.."

"ඉවර වෙන්නෙ කීයටද??"

"ම්ම්ම්ම් වෙලාවක් කියන්න බෑ හරියටම.." ජන්ග්ගුග් උත්තර දුන්නෙ ටිකක් වෙලා කල්පනා කරලා..

"ඉවර වෙලා ටිකක් කම්පැණි එකට ඇවිත් යන්න පුලුවන්ද??"

"ආ.. එන්නම් හ්‍යුන්ග්.. ටිකක් හවස් වෙයි හැබැයි.. සූ එකට යන්නත් ඕන.." ජන්ග්ගුග් කිව්වෙ අමුතුවට..

"ආ මං දන්නවා හොරේ.. ගිහින් එනවකෝ.." ජින් කියද්දි ජන්ග්ගුග් හිනා වෙලා කෝල් එක කට් කරලා ආයෙමත් කොට්ටයක් බදාගෙන ඇස් දෙක පියාගත්තෙ එලාම් එකටම නැගිටිනවා කියලා හිතන ගමන්..

ජන්ග්ගුග් නැගිටලා ලෑස්ති වෙලා ශූටින් වලට යද්දි ලියෝනා ඇවිත් ඉදියා.. ක්ලාරා එන්නෙ නැති බව හොදාකාරවම දන්නවා උනත් ජන්ග්ගුග්ගෙ ඇස් ස්ටුඩියෝ එක පුරාම දිව්වෙ අහම්බෙන්වත් කෙල්ල ඇවිත් තිබ්බොත් කියන හැඟීමෙන්.. ඒත් ක්ලාරා නම් ස්ටුඩියෝ එකේ ඉදියෙ නෑ..

"එයා අද නෑ.." ලියෝනා කට කොනෙන් හිනා වෙලා අතේ තිබ්බ බෑග් එක ස්ටාෆ් එකේ කොල්ලෙක්ට දීලා මේකප් රූම් එක පැත්තට හැරුනෙ ජන්ග්ගුග් ලියෝනගෙ පිටිපස්සෙන් වැටෙද්දි..

"උඹ නම් කොල්ලො වැඩි දවසක් යන්න කලින් මාට්ටු වෙනවා මොකක් හරි රොයිටරේකට.." ජන්ග්ගුග් තමන්ටම මුමුණගත්තෙ ඔලුවට පාරක් ගහගන්න ගමන්..

උදේ පාන්දරම සූ එකට ආව ක්ලාරා සූ එකේ තිබ්බ වැඩ ඉවර කරලා ලැබ් එකට යන්න ලෑස්ති වුණේ ටිකක් කලබලෙන්.. රෙකෝඩින් එකයි අනිත් උපකරණයි බොක්ස් එකට දාලා බෑග් එකත් අරගෙන කෙල්ල පූල් එකෙන් එළියට එන්න සූදානම් වෙද්දි එතනට ආවෙ ක්ලාරා කීයටවත් බලාපොරොත්තු උන කෙනෙක් නෙවෙයි..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now