17th whale🐳

331 74 16
                                    

ක්ලාරා දිහා බලපු ජන්ග්ගුග් එක පාරටම ක්ලාරගෙ පැත්තට නැවුනෙ ක්ලාරා ඇස් දෙක පියාගෙන අත් දෙකෙන්ම කට වහගද්දි.. ජන්ග්ගුග් ක්ලාරගෙ පැත්තෙ ඩෝ එකේ ගාබේජ් බොක්ස් එකේ තිබ්බ වෙට් ටිෂූ පැක් එක අතට අරගෙන ක්ලාරා දිහාම බලාගෙන තොල් දෙක තද කරගෙන හිනා උනේ හිනාව පිටතට නොයෙන්න.. ජන්ග්ගුග්ගෙන් සද්දයක් නැති තැන ක්ලාරා ඇස් දෙක ඇරලා බලද්දි ක්ලාරා දැක්කෙ එයාගෙ පැත්ත හැරිලා හිනා වෙවී ඉන්න ජන්ග්ගුග්ව.. ක්ලාරා අත් දෙක මූනෙන් අයින් කරලා තොල් දෙකත් තද කරගෙන වීදුරුවෙන් එළිය බලාගත්තෙ කම්මුල් වලට ලේ පිරෙද්දි..

"මොනාද හිතුවෙ මං ආයෙත් කිස් කරයි කියලා හිතුවද??"

ජන්ග්ගුග් කියද්දි ක්ලාරා ජන්ග්ගුග්ගෙන් මූණ හංගගන්න ජනේලෙන් එළියම බලාගෙන ඉදියා මිසක් ජන්ග්ගුග්ගෙ පැත්තවත් හැරුනෙ නෑ..

"යාහ්හ්හ්.. කතා කරේ නැතොත් මං දැන් ඇත්තටම කිස් කරනවා.."

ජන්ග්ගුග් කියද්දි ක්ලාරා ගැස්සිලා ජන්ග්ගුග් දිහා බැලුවා..

"අන්න හරි.. ඔහොම මං දිහා බලන් ඉන්න.. අහක බලන් ඉන්නෙ මං වැරැද්දක් කරා වගේ.."

"ඇයි ඒක වැරැද්දක් නෙවෙයිද??"

ක්ලාරා ඇහුවෙ නලල රැලි කරගෙන..

"මං කිව්වනෙ මං ඒක ප්ලෑන් කරලා කරේ.. ඉතිං ඒක වැරැදීමකින් වෙච්ච දෙයක් නෙවෙයි.. දැන් ඔය ශීට් බෙල්ට් එක දාගන්න.. නැත්නම් ඒකත් මංම දාන්නම්.."

ජන්ග්ගුග් ටිෂූ එකක් අරන් තොල වටේ පිහිදාන ගමන් කියද්දි ක්ලාරා ශීට් බෙල්ට් එක දා ගත්තෙ ජන්ග්ගුග්ට රව රව.. ජන්ග්ගුග් ක්ලාරා දිහා බලලා හිනා වෙලා කාර් එක ස්ටාර්ට් කරලා ඉස්සරහට ගත්තා..

"මේ දැන් ගෙදර කවුරුවත් නැත්නම් කෑම කොහොමද??"

"ගෙදර ගිහින් මොනවා හරි හදාගන්නවා.."

ක්ලාරා කිව්වෙ දත් ටික විරිත්තලා.. ජන්ග්ගුග් වටපිට බල බල ගිහින් රෙස්ටූරන්ට් එකක් ළඟ නැවැත්තුවෙ ක්ලාරා කටත් ඇරන් බලන් ඉද්දි...

"මං එනකන් ඉන්න.."

"කොහෙද යන්නෙ??"

ක්ලාරා ඇහුවත් ජන්ග්ගුග් ක්ලාරාට උත්තර නොදීම ජැකට් එකයි මාස්ක් එකයි දාගෙන රෙස්ටූරන්ට් එකට ගියේ ක්ලාරා කටත් ඇදකරගෙන ජන්ග්ගුග් ගියපු පැත්ත බලාගෙන ඉද්දි.. ටික වෙලාවකින් බෑග් එකක් අරගෙන ආව ජන්ග්ගුග් කාර් එකට නැගලා ඒක ක්ලාරගෙ අතින් තිබ්බා.. ක්ලාරා නළලත් රැලි කරගෙන ජන්ග්ගුග්ගෙ පැත්තට හැරුනා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now