29th whale🐳

289 58 29
                                    

එකපාරටම ඇහුන හඬකට හැමෝම ඒ පැත්තට හැරුනෙ පුදුමෙන්.. එතන ඉදියෙ බිලී.. බිලී එක්ක ඉදියෙ sea projects kore එකේ ලෝයර් කෙනෙක් බව ක්ලාරා අදුරගත්තා.. සුසී නළලත් රැලි කරගෙන බිලීගෙ ළඟට එද්දි සුසීගෙ කන්අබොජිත් ඒ පිටිපස්සෙන් ආවෙ කුතුහලයෙන්.. ක්ලාරා බිලීගෙ ළඟට ගිහින් හිටගත්තෙ බලාපොරොත්තුවකින් දෑස් දල්වගෙන..

"ඇයි??" සුසී අහද්දි බිලී කට කොනකින් හිනා වෙලා අත් දෙක බැදගෙන ලෝයර්ගෙ පැත්ත හැරුනා..

"මේ ඔර්කාව නැවත සාගරයට මුදාහරින්න පුලුවන් කියලා පරික්ෂණ වලින් සනාත වෙලා තියෙනවා.. ඒ නිසා අපිට අධිකරණ නියෝගයක් ලැබුනා මෙයාව සූ එකේ තියාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු කරලා හැකි ඉක්මනින් සාගරයට මුදාහරින්න කියලා.. ඉතිං.. ඔයාලට මෙයාව ගෙනියන්න වෙන්නෙ නෑ.."

ලෝයර් එක දිගට කියාගෙන යද්දි සුසීගෙ කන්අබොජි තරහෙන් අඩි පොළොවෙ ගැහුවා.. 

"කන්අබොජි.. මේ මේක ඇත්තද??"

"ආයිශ්.. ඔව් දුව දැනට අපි යමු.. මතක තියාගන්නවා මේක මෙතනින් ඉවර නෑ.." සුසීගෙ කන්අබොජි බිලීගෙත් ක්ලාරගෙත් පැත්තට ඇගිල්ල දික් කරලා කියලා යන දිහා හැමෝම බලාගෙන ඉදියා.. සුසී ඔරවගෙන ක්ලාරා දිහා බලාගෙන ඉදලා එතනින් යද්දි සූ එකේ සේවකයො බුල්බුල්ව නිදහස් කරලා පූල් එකෙන් ගොඩ උනේ දෙවියන්ට ස්තූති කරමින්.. ක්ලාරා ලොකු හුස්මක් පහළට දැම්මෙ හිත නිදහස් කරගන්න..

"අපි මොනවා හරි කන්න යමුද? මට බඩගිනී.."

ලියෝනා කිව්වෙ හැමෝගෙම මූඩ් එක චේන්ජ් කරන්න හිතාගෙන..

"යමු.." බිලී ලියෝනා කරට අත දාගෙන ඉස්සර වෙද්දි අනිත් අයත් ඒ පිටිපස්සෙන් කැෆේ එකට යන්න සූදානම් උනා..

සූ එකේ කැෆේ එකේ එළිමහනෙ හට් එකකින් වාඩි උන කට්ටියම බලාගෙන ඉදියෙ බිලී බොන්ජො දෙන්නා එනකන්... ශෝටීස් ගොඩක් එක්ක කෝෆි අරගෙන ආව ඒ දෙන්නත් ටේබල් එකෙන් ඒ ටික තියලා වාඩි උනා..

"බොන්ජො කොහෙද අතුරුදහන් වෙලා ඉදියෙ මේ දවස් ටිකේ??"

"මං ගෙදර ගියා.. අනික ඉතිං මගේ බොස්ට මං ඉදියත් වැඩක් නෑනෙ.. ඌ මං කියන දෙයක් අහන බොසෙක් නෙවෙයිනෙ.."

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now