5th whale🐳

339 76 30
                                    

ඒත් එක්කම ස්විමින් කිට් එකකුත් ඇදගෙන ගොගල්ස් දෙකක හැඩ බල බල එතනට ආවෙ ජන්ග්ගුග්.. ජන්ග්ගුග්ගෙ පස්සෙන් ආවෙ බොන්ජො..

"එන්නැද්ද?" ලියෝනා ගාව නැවතිලා ජන්ග්ගුග් ඇහුවෙ ක්ලාරා දිහා ඇස් යටින් බලලා..

"මං මේ ක්ලාරා එක්කම එන්නම්.."

ලියෝනා කියද්දි ජන්ග්ගුග් කට කොනකින් හිනා වෙලා හා කියන්න වගේ ඔලුවත් වනලා පූල් එක පැත්තට ගියේ ක්ලාරා දිහාවත් නොබලා.. ලියෝනා පුදුමෙන් ජන්ග්ගුග් දිහා බලාගෙන ඉදියෙ ජන්ග්ගුග් ක්ලාරා කියලා කෙනෙක් මෙතන නෑ වගේ හැසිරුන නිසා.. ඒත් ක්ලාරා ඒ ගැන මොකුත් කිව්වෙ නැති නිසා ලියෝනා කට වහගෙන ඉන්න තීරණය කරේ මේ වෙලාව ඒ වගේ දෙයක් ගැන කතා කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි කියලා හිතලා..

"එයාලා කොයි වගේද?? කීයක් ඉන්නවද??" ලියෝනා චේන්ජින් රූම් එකේදිත් ක්ලාරාගෙන් ඇහුවෙ මොකද ලියෝනා ටිකක් බය වෙලා ඉදියේ...

"මෙහේ නම් හයක් ඉන්නවා.. එයාලා හරි හොදයි.. ඉක්මනට යාලු වෙනවා.. බය වෙන්නෙපා.. ඉක්මනට යමුකෝ.." ලියෝනවත් තල්ලු කරගෙන ක්ලාරා පූල් එක ළගට එද්දි ජන්ග්ගුක් එක්ක තව දෙතුන් දෙනෙක්ම පූල් එක ළඟට වෙලා ඉන්නවා ක්ලාරා දැක්කා..

"මං ගිහින් එන්නම්" කියපු ක්ලාරා පූල් එකට පැන්නෙ ලියෝනා කතා කරන්නත් කලින්.. ක්ලාරා ඩොල්ෆින් ට්‍රේනර්ස්ලා තුන් දෙනෙක් එක්ක ඩොල්ෆින්ලා ටික පූල් එකට අරගෙන එද්දි ලියෝනා කට ඇරන් බලාගෙන ඉදියා.. ඩොල්ෆින්ලා කෙනෙක්ගෙ පිට උඩින් ආව ක්ලාරා පූල් එකේ අයිනටම ඇවිත් පඩිය උඩට ගොඩ වෙලා ලියෝනට එන්න කිව්වා.. කට ඇර ඇර මොනවද කියන ඩොල්ෆින්ලා එක්ක විකාර කරන ක්ලාරා දිහා ජන්ග්ගුක් බලාගෙන ඉදියා..

"මොන ජාතියෙ කෙල්ලෙක්ද මංදා.. අර සත්තු එක්ක කතා කරන්නෙ තේරෙනවා කියලයැ.." ජන්ග්ගුක් හිතුවෙ ක්ලාරා දිහා බලාගෙන..

ලියෝනා ආවට පස්සෙ ලියෝනට පූල් එක අයිනට වෙලා ඩොල්ෆින්ලව ටිකක් පුරුදු වෙන්න දීලා ජන්ග්ගුක්ගෙ පැත්තට හැරුනා.. ජන්ග්ගුක් ඒ වෙද්දිත් ඩොල්ෆින්ලා ට්‍රේන් කරන කොල්ලෙක් එක්ක පූල් එකටත් බැහැලා වීරයා වගේ ඉන්නවා දැකලා ක්ලාරගෙ කට කොනකට හිනාවක් ආවා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now