16th whale🐳

325 70 4
                                    

ක්ලාරා එක පාරට ගැස්සුනේ දොර ඉස්සරහා බිත්තියට හේත්තු වෙලා කකුලක් බිත්තියට තියාගෙන බලන් ඉන්න ජන්ග්ගුක් දැකලා.. ක්ලාරව දැකපු ජන්ග්ගුග් කොරිඩෝ එකේ දෙපැත්ත බලලා ක්ෂණිකව ක්ලාරව රූම් එක ඇතුලට තල්ලු කරගෙන ගියේ එක අතකින් දොර වහන ගමන්.. උනේ මොකක්ද කියලා තේරුම් ගත්ත ගමන් ක්ලාරා බැලුවෙ දොර දිහා.. ක්ලාරගෙ වැලමිටට උඩින් අල්ලගෙන බිත්තියට තියලා තද කරපු ජන්ග්ගුග් ක්ලාරගෙ ඇස් වලට එබුනෙ මත් උන දෑසින්.. තැතිගත් නිල් පාට දෑස්, ලා රෝස පාට උණ කම්මුල් දිගේ ගිය ජන්ග්ගුග්ගෙ ඇස් නතර උනේ ක්ලාරගෙ වෙව්ලන දෙතොල් වල..

"ඇ ඇයි මේ??" ක්ලාරගෙ වෙව්ලන තොල් අතරෙන් යන්තම් පිටවෙද්දි ජන්ග්ගුග් ඒ දෙතොලට බර උනේ ක්ලාරට හිතන්නවත් වෙලාව නොදී.. ක්ලාරට දැනුනෙ තමන් අයිස් කුට්ටියක හිර කරලා වගේ.. ක්ලාරගෙ සියුමැලි දෙතොල් අතරෙ දෙතොල් ගෙනියද්දි ක්ලාරා එක අතකින් ජන්ග්ගුග්ගෙ ෂර්ට් එකේ කොනක් තද කරලා අල්ලගත්තෙ නොදැනුවත්වමයි.. ඒත් ඒ සිපගැනීමට ක්ලාරා ප්‍රතිචාර දැක්වුවෙ නෑ.. මොහොතකින් ජන්ග්ගුග් ක්ලාරගෙන් ඈත් වෙද්දි ක්ලාරා ඇස් දෙක තද කරලා පියා ගෙන ලොකු හුස්මක් අරන් ඇස් දෙක ඇරලා මූණත් ඇද කරගෙන ජන්ග්ගුග් දිහා බැලුවෙ උයලා කනවද බැදලා කනවද ලුක් එකෙන්..

"ඔ ඔයා මොකක්ද ඒ කරේ??" ක්ලාරා ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

"ඇයි ඕන නම් මං ආයෙ කරලා පෙන්නන්නම්.." ජන්ග්ගුග් ටේබල් එකට හේත්තු වෙලා තොල අතගගා කියද්දි ක්ලාරා ඇස් දෙකත් ලොකු කරගෙන ජන්ග්ගුග් දිහා බැලුවා..

"ඔයා කොහොමද එහෙම කරන්නෙ.. මේ මගේ මූණ, මගේ තොල් ඔයාට මගේ අවසරේ නැතුව එහෙම කිස් කරන්න බෑ.. අනික ඒක මගේ ෆස්ට් කිස් එක.." ක්ලාරා කිව්වෙ අඩන්න වගේ මූණ හදාගෙන..

"යාහ්හ්හ් ඒක මගෙත් ෆස්ට් කිස් එක.. තමුසෙ හිතනවද මං මගේ ෆස්ට් කිස් එක නාස්ති කරාවි කියලා??"

"ඉතිං ඔයා නාස්ති කරේ.. ආ.... ඔම්මා මේ කූ මට කරදර කරා.."

"යාහ්හ්හ් කෑ ගහන්නෙපා.." ජන්ග්ගුග් අඩි දෙකක් ඉස්සරහට තියලා අතින් ක්ලාරගෙ කට වහගෙන ක්ලාරා දිහා රවලා බැලුවා.. ක්ලාරා ගල් වෙලා වගේ ජන්ග්ගුග් දිහා බලාගෙන ඉදිද්දි ජන්ග්ගුග් ක්ලාරගෙ මූණෙන් අත අරගෙන පස්සට උනේ ඔලුවත් කස කස..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now