1st whale🐳

1.2K 95 25
                                    

"ආයිශ් මොන මගුලක්ද මංදා.." හතර වෙනි පාරටත් වයිට්බ්‍රේට් වෙන ෆෝන් එක අතට අරන් ඒ ආව කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන ජන්ග්ගුග් තමන්ටම කියා ගත්තා..

"හදිස්සියක් නෑ මචං ඔය ෆෝන් එක ආන්සර් කරපං.." බොන්ජො කිව්වා.. බොන්ජො ජන්ග්ගුග්ගෙ ඇසිස්ටන් ඒ වගේම යාළුවා සහෝදරයා කිව්වොත් වැරදි නෑ..

"පොඩ්ඩක් ඉදපන් මං මේකට කතා කරලා ඉන්න.." ජන්ග්ගුග් ෆෝන් එක ආන්සර් කරලා එතන තිබුන කණුවකට හේත්තු උනේ දත් කූරු කන ගමන්..

ජන්ග්ගුග් සුප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ ලාබාලම සාමාජිකයා.. ලෝකයක් තමන්ගෙ කටහඬින් වසඟ කරපු ජන්ග්ගුග් දැන් සූදානම් වෙන්නෙ රංගන ජීවිතයට පය තියන්න.. හදිස්සියෙම ලෝකය වෙලා ගත්ත කොරෝනා වසංගතයත් එක්ක BTS සංගීත කණ්ඩායම සංගීත ලෝකයෙන් සමු ගත්තෙ මුලු ලෝකයේම විසිරුණු මිලියන ගානක් රසික හදවත් කම්පාවට පත් කරලා... එදා ඉදන් අද වෙනකන් අවුරුදු තුනක් ගත වෙලා ගියේ සාමාජිකයො හැමෝම තනිවම තමන්ගේ ගමන ආරම්භ කරන්න අඩිතාලම තියද්දි.. ජින්, ටේහ්‍යුන් දෙන්නම දැනටමත් කොරියානු ටෙලින්ට්‍ය ක්ෂේත්‍රයේ තරු බවට පත් වෙලා අවසන්.. ජන්ග්ගුග්, ජීමින් සංගීත ක්ෂේත්‍රය තමන්ගෙ ඉදිරි ගමනට තෝර ගද්දි, නම්ජූන්, යුන්ගි ව්‍යාපාර කටයුතු වලට අවතීර්ණ උනා.. හොබී හැමදාමත් තමන් ආස කරපු නර්තනය තෝරගත්තා.. වෙන මොන වැඩේ කරත් කිසි කෙනෙක් සංගීතය අතෑරියෙ නෑ..

අලුත් ටීවී සීරීස් එකට අලුත් මූණක් හොයන  අධ්‍යක්ෂකවරයෙක්ට ටේහ්‍යුන් ජන්ග්ගුග් ගැන මතක් කරන්නෙ අහම්බෙන්.. අවස්තා ගානකදිම ජන්ග්ගුග් බෑ කිව්වත් මේ පාර නම් ටේහ්‍යුන් ජින් දෙන්නගෙන් ජන්ග්ගුග්ට ගැලවීමක් ලැබෙන්නෙ නෑ.. ඉතිං අවසානයෙ ජන්ග්ගුග් මේ වැඩේට කැමති වෙනවා.. ජන්ග්ගුග්ට සාගරජීව විද්‍යාඥයෙකුගේ චරිතයක් නිරූපනය කරන්නයි ලැබෙන්නෙ.. ලොකේශන් බලන්නයි, මීටින් එකක් තියන්නයි සූ එකට එන්න කියලා ජන්ග්ගුග්ට ආව පණිවිඩිය නිසා සූ එකට ආව වෙලාවෙයි ජන්ග්ගුග්ට මේ කෝල් එක එන්නෙ..

"හෙලෝ" ජන්ග්ගුක් ෆෝන් එක කනට තද කරගෙන කතා කරා..

"ගුගී.. ඔයා කොහෙද ඉන්නෙ?? ඇයි ෆෝන් එක ආන්සර් කරන්න බැරි??" ගෑනු ළමයෙකුගෙ තරහා පිරුන කටහඩක් ෆෝන් එක දිගේ ගලාගෙන ආවා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now