27th whale🐳

315 68 22
                                    

"තාම ඕඩර් කරන්න දෙයක් හිතුවෙ නැද්ද??"

දොර ගාවින් ඇහුන කටහඬට ඒ පැත්ත හැරිලා බලපු ක්ලාරා දැක්කෙ ලියෝනව.. ක්ලාරා පුටුවෙන් නැගිට්ටෙ ලියෝනව දැකලා ඇති උන පුදුමෙන් පිරුණ දෑස් විසල් කරගෙන..

"ඔන්නී.."

"මං ගෙදර ගිහින් වොශ් එකක් දාගෙන එනකනුත් ඔයාලා මෙතන ඕඩර් කරන්න දෙයක් තෝරනවා.."

ලියෝනා මූණත් ඇද කරගෙන ඇවිත් ක්ලාරට එහා පැත්තෙන් වාඩි උනේ ක්ලාරගෙ අතින් අල්ලලා ක්ලාරව පුටුවෙන් වාඩි කරවන ගමන්..

"නූනා මොකෝ මෙහේ කරන්නෙ??"

ජන්ග්ගුග් ඔලුව යන්තමට උස්සලා ලියෝනා දිහා බලලා මේසෙ උඩ තිබ්බ මෙනූ කාඩ් එකට රවලා ලියෝනගෙන් ඇහුවෙ නෝක්කාඩු හඩකින්..

"නිකන් ආවා.. මං ඕඩර් කරන්නම්.. නැත්නම් අද කන්න වෙන්නෙ නෑ.."

කියපු ලියෝනා ටේබල් එකේ කොනක තිබ්බ ලෑන්ඩ් ලයින් එකෙන් නම්බර් එකක් ඩයල් කරලා රිසිවර් එක කනේ තියා ගත්තෙ යටිතොල යාන්තමට හපාගන්න ගමන්..

"හෙලෝ"

"ඔව් මිස් කියන්න.."

"මට නම්බර් ෆෝ, ට්වෙල් ඇන්ඩ් ටුවෙන්ටි සික්ස් ඕන හතර දෙනෙක්ට.. ඒකට බනානා මිල්ක්ශේක් එකයි ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් තුනයි දෙන්න.."

"හරි මිස්.. තැන්ක් යූ.."

"වෙල්කම්.."

ලියෝනා රිසිවර් එක තියලා කට ඇද කරගෙන ෆෝන් එක අතට අරගෙන මැසේජ් එකක් ටයිප් කරා.. ඊටත් පස්සෙ ලියෝනා හැරුනෙ ක්ලාරගෙ පැත්තට..

"ගෙදර යනවා කියලා නේ කිව්වෙ??"

නළල රැලි කරගෙන ලියෝනා අහද්දි ක්ලාරා දත් ටිකත් විරිත්තලා හිනා උනා.. ලියෝනා  අමුතු හිනාවක් දාගෙන ටික වෙලාවක් ක්ලාරා දිහා බලාගෙන ඉදියා.. ඊට් පස්සෙ ජන්ග්ගුග් දිහා බැලුවා.. ජන්ග්ගුග් ලියෝනා දිහා බැලුවෙ නළල රැලි කරගෙන..

"ඔන්නි.. ඔයා මොකක්ද කියන්න හැදුවෙ.. ඔයා ඔහොම හිනා වෙන්නෙ මොනවාහරි කියන්න ගියහම.."

ක්ලාරා සැකමුසුව ඇහුවා.. ලියෝනා හිනා වෙලා තොල් දෙකම කට ඇතුලට දාගෙන ඔලුව දෙපැත්තට වැනුවෙ මොකුත් නෑ කියලා අගවන්න..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now