34th whale🐳

248 64 12
                                    

ලියෝනා එක්කා හොස්පිට්ල් එකට ඇතුල් උන ක්ලාරගෙ ඉස්සරහට ආවෙ සුසී.. සුසී ලියෝනා එක්ක හිනා වෙලා ලියෝනා ළගින් නතර උනා..

"ඔන්නි.. ඔයාව දැක්කෙ කාලෙකින්.. තවත් ලස්සන වෙලාද කොහෙද.."

සුසී කියද්දි ලියෝනා ලැජ්ජාවෙන් හිනා උනා.. ක්ලාරා සුසී දිහා බැලුවෙ මේකිට මොකක් වෙලාද හිතන ගමන්..

"ඉතිං කොහොමද සුසී.."

"හොදයි ඔන්නී.. ඔන්නී.. මට ක්ලාරා එක්ක චුට්ටක් කතා කරන්න ඕන.. මට එයාගෙන් සමාව ගන්න ඕන.. අපිට චූටි වෙලාවක් දෙන්න පුලුවන්ද??"

සුසී කියද්දි ලියෝනගෙ ඇස් දෙක නළලටම ගියා.. ක්ලාරා නළලත් රැලි කරගෙන සුසී දිහා බැලුවා.. ලියෝනා ඔලුව වනලා ක්ලාරගෙ පැත්ත හැරුනා..

"මං යන්නම් ක්ලාරා.. ඔයා එන්න එහෙනම්.."

මින් හෝ බලන් ඉන්න බව දැක්ක ලියෝනා ක්ලාරට කියද්දි ක්ලාරත් ඔලුව වනලා ලියෝනට සමු දුන්නා. ඊටත් පස්සෙ ක්ලාර හැරුනෙ සුසීගෙ පැත්තට..

"ක්ලාරා පහු ගිය උන දේවල් වලට මට සමා වෙන්න.. ඔයා මට සමාව දෙනවා නේද??"

සුසී කියද්දි ක්ලාරා යන්තම් හිනා උනා..

"ඒකට කමක් නෑ සුසී.. දැන් දුක් වෙන්න එපා ඒ ගැන.."

ක්ලාරා කියද්දි සුසී බිම බලාගත්තා..

"ඇත්තටම මට දුකයි ඔප්පට මේ උන දේ ගැන.. මට හිතා ගන්න බෑ කොහොමද මෙහෙම දෙයක් උනේ කියලා.. ඔයාගෙ තාත්තගෙ කාර් එක නම් ඒක ඔයාගෙ තාත්තා ඉලක්ක කරගෙන කරපු දෙයක් වෙන්න බැරිද??"

සුසී කියද්දි ක්ලාරගෙ නළල රැලි උනා..

"නූනා කෝ අපේ අක්කා.."

හොස්පිට්ල් එකෙන් එළියට ආව ලියෝනව දැක්ක බිලී ලියෝනා ළඟට ආවෙ එහෙම අහගෙන..

"එයා ඇතුලෙ ඉදියෙ නැද්ද??"

"නෑනෙ.."

"මාත් එක්ක ඇතුලට ආවා.. මං හිතුවෙ කුකී බලන්න යන්න ඇති කියලා.."

ලියෝනට කියද්දි බිලී ක්ලාරට කෝල් එකක් ගත්තා.. ක්ලාරා කෝල් එක කට් කරපු නිසා බිලී ෆෝන් එකට රවලා ආයෙමත් ක්ලාරට කෝල් එකක් ගන්න හැදුවා.. ඒත් එක්කම කොල්ලට මැසේජ් එකක් ආවෙ ක්ලාරගෙන්..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now