33th whale🐳

263 59 17
                                    

එකපාරටම OR එකේ දොර ඇරගෙන එළියට ආවෙ ඩොක්ටර් මින් හෝ.. කට්ටියම වාඩි වෙලා ඉදපු තැන් වලින් නැගිටලා මින් හෝගෙ ළඟට එකතු උනා..

"සර්ජරි එක සාර්තකයි.. පොඩි ගැටළුවකට තියෙන්නෙ එයා අවදි වෙන වෙලාවක් හරියටම කියන්න බැරි එකයි.. අපිට එයාව ICU රූම් එකකට දාන්නයි වෙන්නෙ.. තත්වෙ හොද උනොත් නෝමල් රූම් එකකට මාරු කර්න්න පුලුවන්.."

මින් හෝ කියාගෙන යද්දි ක්ලාරා අතින් කට වහ ගත්තා.. නම්ජූන් නළල දෙපැත්ත අතින් මිරික ගද්දි බොන්ජො ඔලුවෙ අත ගහගත්තා..

"මම එහෙනම් යන්නද??"

මින් හෝ අහද්දි ජින් ඔලුව වනලා එතනින් අයින් උනා.. ලියෝනා මින් හෝ දිහා බලලා හිනා වෙලා ඇස් වලින් ක්ලාරව පෙන්නුවා..

"මහන්සි ඇති"

පැය හතරකටත් වඩා සර්ජරි රූම් එකේ ඔට්ටු උන මින් හෝ රෙස්ට් රූම් එකට යන දිහා බලලා ලියෝනා මිමිණුවා.. නර්ස් කෙනෙක් ජන්ග්ගුග්ගෙ භාරකාරයා විදියට විස්තර ගන්න ජින්ව එක්කගෙන ගියෙ කොල්ලගෙ ගෙදරින් තවම ආවෙ නැති නිසා.. ටික වෙලාවකින් OR එකෙන් එළියට ජන්ග්ගුග්ව අරගෙන ආවා.. නර්ස්ලා ටික වෙලාවකට OR එක ඉස්සරහා ට්‍රොලි බෙඩ් එක නවත්තලා තිබ්බෙ ICU එකට දැම්මට පස්සෙ කාටවත් එයාව බලන්න ලැබෙන්නෙ නැති නිසා..

ක්ලාරා ජන්ග්ගුග්ගෙ පියවුණ ඇස් දිහා බලාගෙන ඉදියෙ කදුළු පිරුණ දෑසින්.. ඔක්ශිජන් මාස්ක් එකට වැහුණ ජන්ග්ගුග්ගෙ මූණ සුදුමැලි වෙලා තිබුනා.. වැඩි වෙලාවක් එළියෙ තියාගන්න හොද නැති නිසා කොල්ලව එතනින් ගෙනිහින් ICU රූම් එකකට දැම්මා.. හැමෝම දොර ළඟට වෙලා නර්ස්ලා ජන්ග්ගුග්ට මැශින් සෙට් කරන දිහා බලාගෙන ඉදියා..

රෙස්ට් රූම් එකේ දොර ඇරගෙන එළියට ආව මින් හෝ ජන්ග්ගුග්ගෙ රූම් එක ළඟ තැන තැන රැදිලා ඉදපු අයගෙ අවධානය ගන්න යන්තම් උගුර පෑදුවා..

"ආ ඩොක්ටර්.."

නම්ජූන් පුටුවෙන් නැගිටලා මින් හෝට ලං උනා..

"මිස්ටර් නම්ජූන්.. ඔයාලා දැන් මෙතන ඉදියට වැඩක් වෙන්නෙ නෑනෙ.. මේක ඇතුලට යන්න දෙන්නෙ නෑනෙ.. මං එයාව නෝමල් රූම් එකකට දැම්මම කෝල් කරන්නම්.."

The Heart Of The Sea / JJK / Completed Onde histórias criam vida. Descubra agora