6th whale🐳

338 77 18
                                    

"බිලී.." ක්ලාරා කෑ ගහගෙන ගිහින් සෝෆා එකේ වාඩි වෙලා ඉදපු කොල්ලගෙ ඇගට පැන්නා.. බිලී කියන්නෙ ක්ලාරගෙ මල්ලි.. මල්ලි කිව්වට විනාඩි දෙකකට මල්ලි.. ක්ලාරගෙ නිවුන් සහෝදරයා බිලී.. බිලී මෙච්චර දවසක් ඉදියේ ඕස්ට්‍රේලියාවේ එයාගෙ හැල්මොනී එක්ක.. ඒ කිව්වෙ ඇන්ඩෲගෙ අම්මා එක්ක.. බිලීත් තාත්තා, අක්කා, වගේම මෙරින් බයලොජිස්ට් කෙනෙක්.. එයාගෙ ප්‍රොජෙක්ට් එක උනේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය නැවත ප්‍රතිසංස්කරණය කරන්න පුලුවන්ද කියන එක ගැන පරීක්ෂණ කරන එක..

ඒ වැඩ ඉවර වෙලා බිලී කොරියාවට ආවෙ නිවාඩුවකටමත් නෙවෙයි.. හැමදාටම නවතින්න.. බිලී ක්ලාරා අතරෙ තියෙන්නෙ ලොකු බැදීමක්.. ඉපදෙන්නත් කලින් ඉදන්ම එකට ඉදපු දෙන්නා බිලීගෙ ජොබ් එක නිසා වෙන් වෙද්දි ක්ලාරාට විතරක් නෙවෙයි බිලීටත් ගොඩක් දුක හිතුනා..

"යා මැට්ටී මගේ ඇගේ කුණු ගාන්නෙපා" බිලී කියද්දි ක්ලාරා මූණ ඇද කරගෙන "ඔයා එනවා කියලා කිව්වෙවත් නෑ" කියලා කියද්දි බිලී ක්ලාරව ආපස්සට බදා ගත්තා..

"සප්‍රයිස් කරන්න ආවෙ" බිලී කියද්දි ක්ලාරා හයියෙන් බිලීගෙ අතට පාරක් ගැහුවා..

"තමුසෙ ඇඩුවද??" ක්ලාරගෙ මූණ දිහා වුවමනාවෙන් බලලා බිලී අහද්දි ක්ලාරා මූණ හංගත්තෙ "නෑ අනේ පැය ගානක් වතුරෙ ඉදියා.." කියන ගමන්.. "ආ ඒක තමයි ඇස් දෙකත් ඉදිමිලා" බිලී කියද්දි ක්ලාරා කට ඇද කරලා බිලීට රැව්වා..

"අනේ අනේ ළමයි දෙන්නට මාව මතක නෑ නේද?? වෙනදට මෙයා ගෙදර ආව ගමන් මාව හොයන් එන්නෙ.. හා හා මල්ලි එක්කම ඉන්නවකෝ.." මෙලීනා එතනට ඇවිත් කියද්දි ක්ලාරා බිලීව අතෑරලා අම්මා ගාවට දිව්වා..

මෙලීනා ක්ලාරා එද්දි "ආ බොරුවට මාව බදාගන්න ඕන නෑ.. යනවා යන්න.." කියද්දි ක්ලාරා මෙලීනව බදාගත්තෙ "හපූ මෙයාගෙ ඉරිසියාව" කියන ගමන්.. බිලීත් ඒ දෙන්නට එකතු උනේ හිනාවක් මුවග තියාගෙන..

රාත්‍රී කෑම මේසය සතුටෙන් පිරිලා ඉතිරිලා ගියේ කාලෙකින් පවුලෙ අය එක්ක එකතු උන බිලීගෙ විනෝදකාමී කතාබහ නිසා..

"ඉතිං පුතා ඉස්සරහට මොකක්ද කරන්න ඉන්නෙ??" ඇන්ඩෲ අහද්දි බිලී චොප්ස්ටික් එක ක්ලාරා දිහාවට දික කරලා "මං එයා එක්ක වැඩට යනවා" කියද්දි ක්ලාරට කකා හිටපු එකත් හිර උනා.. කහින ගමන් අම්මා දික් කරපු වතුර එකෙන් උගුරකුත් බීලා ක්ලාරා බිලීගෙ පැත්තට හැරුනේ ඇස් දෙකත් ලොකු කරගෙන "මොකක්ද?" කියලා අහන ගමන්..

The Heart Of The Sea / JJK / Completed Wo Geschichten leben. Entdecke jetzt