2nd whale🐳

449 82 16
                                    

"මෙයාල හරිම වර්ණවත් ජීවීන්.. පීනද්දි පේන්නෙ හරියට ජලයේ පාවෙන මුහුදු පැලෑටි වගේ.."

"එක්ස් කියුස් මී සර්.." ඒත් එක්කම ලෙක්චර් හෝල් එක ඇතුලට ආවෙ කෙල්ලෙක්..

"ක්ලාරා... තමුන් අදත් පරක්කුයි.. හිතෙන හිතෙන වෙලාවට ලෙක්චර්ස් වලට එන්න මේක තමුන්ගෙ අප්පගෙ ලෙක්චර් එකක්ද??" ප්‍රොෆෙසර් ඇන්ඩෲ කෑ ගහද්දි ක්ලාරා බිම බලාගත්තා.. ක්ලාරට "ඇයි එහෙම නෙවෙයිද?" කියලා අහන්න හිතුනත් ක්ලාරා ඇහුවෙ නැත්තෙ තවත් ප්‍රොෆෙසර්ව තරහා ගස්සන්න ඕන නැති නිසා.. හෝල් එකේ තැනින් තැන ඇහුන හීන් හිනා සද්ද වලින් ඇන්ඩෲට තේරුනා තමන් කිව්වෙ වැරදි දෙයක් කියලා.. ළමයි දිහා ඇස් යටින් බලලා හෝල් එකම නිශ්ෂබ්ද කරගත්ත ඇන්ඩෲ ක්ලාරා දිහා බැලුවා..

"එළියට යනවා.. ගිහින් මං පවරපු වැඩේ කරනවා.. ටෙක්ස්ට් එකක් එවලා ඇති.." ක්ලාර හෝල් එකෙන් එළියටව ආවෙ විසිල් එකකුත් පිඹ පිඹ.. ෆෝන් එක බලපු ක්ලාරට තරු පෙනුනෙ බාරදීලා තිබ්බ වැඩේ දැකලා... එහෙමම යූ ටර්න් එකක් ගහපු ක්ලාරා ලෙක්චර් හෝල් එක ඇතුලට ගියේ තට්ටු කරන්නෙවත් නැතුව..

"ක්ලාරා.." ප්‍රොෆෙසර් කෑ ගැහුවත් ගනන් ගන්නෙ නැතුව ඇතුලට ආව ක්ලාරා ප්‍රොෆෙසර් ඇන්ඩෲට කතා කරා..

"තාත්තා මට ඔයා එක්ක කතා කරන්න ඕන.. මේ දැන්.." ක්ලාරා සිංහල පාවිච්චි කරන්නෙ කලබල උනහම කියලා දන්න ඇන්ඩෲ ළමයින්ට වැඩක් දීලා එළියට ආවෙ ක්ලාරට හිතෙන් බැන බැන..

"ක්ලාරා මොකක්ද ප්‍රශ්නෙ??"

"ඩැඩී.. මොකක්ද මේ කියන්නෙ?? මං ඇයි මේක කරන්න ඕන?? නෝ ඩැඩී.. මේකෙන් වෙන්නෙ මට වැඩ වැඩි වෙන එක.." ක්ලාරා කියවගෙන ගියේ ඇන්ඩෲ ක්ලාරට එවපු මැසේජ් එක පෙන්න පෙන්න..

"එයා මගේ යාලුවෙක්.. ඔයා මගේ දුව කිව්වම එයා ඔයාව හොදට බලා ගනීවි.. ඔයාට තියෙන්නෙ කියලා දෙන්න විතරනෙ.." ඇන්ඩෲ කිව්වෙ ඇහිබැමක් උස්සලා..

"ඒත් ඩැඩී.."

"නෑ මං ඔයාට බල කරන්නෙ නෑ.. ඔයා කැමති නැත්නම් මං වෙන කෙනෙක් හොයන්නම්.." ඇන්ඩෲ ඔලුව පහත් කරගෙන කියද්දි ක්ලාරා ගැඹුරු හුස්මක් පහළට දැම්මා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now