32th whale🐳

250 59 13
                                    

බිලී ඇස් දෙකත් ලොකු කරගෙන කාර් එකෙන් ඇතුල බලගෙන ඉදියෙ උනේ මොකක්ද වෙන්නෙ මොකක්ද කියලා අනුමාන කරගන්න බැරුව..

"සර් ඔයාද කෝල් කරේ?? මම කැප්ටන් යූ"

ඇම්බියුලන්ස් එකේ ආව දෙන්නෙක් දොර අරින්න ට්‍රයි කරද්දි තව කෙනෙක් බිලී එක්ක කතා කරන්න පටන් ගත්තා..

"ආ ඔ ඔව්.. ඒත් මේ මේ ඇතුලෙ.."

බිලී කම්පනයෙන් වගේ ගොත ගගහා කාර් එක පැත්තට අත දික් කර කර උත්තර දෙද්දි ගලවාගැනීමේ නිලධාරියා බිදුනු වීදුරුවෙන් ඇතුල බැලුවා..

"මො  මොකක්.."

කැප්ටන්ගෙ කටින් පුදුමයෙන් පිරුණ හඬක් පිටවෙද්දි බිලී එක අතක් ඉනට තියාගෙන අනිත් අත හිසකෙස් අතරෙ යැව්වෙ කලබලයෙන්..

"ඒ ජ ජන්ග්ගුග්ශී.. පල්ලි පල්ලි.." කෑ ගහපු කැප්ටන් ආයෙමත් බිලීගෙ පැත්ත හැරුනා.. බිලී නියපොත්තක් හපන ගමන් එහෙ මෙහෙ ඇවිද්දෙ නොසන්සුන්ව..

"සර් මට ඔයාගෙ නමයි, NIC නම්බර් එකයි කියන්න පුලුවන්ද??"

හැඟීම් වලට වඩා රාජකාරියට මුල්තැන දුන්න කැප්ටන් බිලීගෙන් උන දේවල් නො අසා විස්තර ගත්තෙ බිලීගෙ සා!!ක්ශි ගන්න පො!!ලීසියට ඕන වෙන නිසා.. බිලී නිහඬවම NIC කාඩ් එක වොලට් එකෙන් අරගෙන කැප්ටන්ට දුන්නා.. අවශ්‍ය තොරතුරු සටහන් කරගෙන ඉවර වෙද්දි අනිත් දෙන්නා දොර ගලවලා පරිස්සමට ජන්ග්ගුග්ව එළියට අරගෙන ට්‍රොලි එකක තියාගෙන ඇම්බියුලන්ස් එකට දාලා ඔක්ශිජන් මාස්ක් එකක් හයි කරා..

"කැ කැප්ටන්.. මා මාත් එන්නද??"

"සොරි සර්.. ඒක කරන්න බෑ.. ඒත් ඔයාට පොලීසියට නම් යන්න වේවී.."

"ඒ ඒත් මං එයා එක්ක වැඩ කරන කෙනෙක්.."

බිලී කිව්වෙ ජන්ග්ගුග්ගෙ මේ පටලැවිල්ල ලිහා ගන්න ඕන නිසා.. තප්පර කීපයක් බිලී දිහා බලාගෙන ඉදපු කැප්ටන් ඔලුව වනද්දි බිලී ඉක්මනට ඇම්බියුලන්ස් එකට නැගලා වාඩි උනා.. ජන්ග්ගුග්ගෙ දිහා මොහොතක් බලාගෙන ඉදපු බිලී ෆෝන් එක අතට අරගෙන බොන්ජොගෙ නම්බර් එක ඩයල් කරා..

"ආ බිලී කාලෙකින්.."

"බො බොන්ජො.. ජන්ග්ගුගී හ්‍යුන්ග්.."

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now