20th whale🐳

358 77 14
                                    

"නූනා.. ඩොක්ටර් මොකෝ කිව්වෙ??"

ජන්ග්ගුග් අහද්දි ලියෝනා ගැස්සිලා ජන්ග්ගුග් දිහා බැලුවෙ ජන්ග්ගුග් දැනගත්තෙ කොහොමද කියලා හිතන ගමන්.. ඒත් ලියෝනා ඒ බවක් ඇගෙව්වෙ නෑ..

"මොන ඩොක්ටර්ද??"

"ආන්න ආන්න මටත් කොළේ වහනෝනෙ.. මං දැක්කා කුරුළු ජෝඩුව එළියෙ කියව කියව ඉන්නවා.."

ජන්ග්ගුග් කියද්දි ලියෝනාගෙ මූණ චෙරි ගෙඩියක් වගේ රතු පාට උනා.. ජන්ග්ගුක් ලියෝනා දිහා බල බල හිනා වෙද්දි ලියෝනා කාර් එකේ කවුළුවෙන් එළිය බලාගත්තෙ ජන්ග්ගුග්ව මගාරින්න.. යන්තමට මුහුණ සිපගන්න උදෑසන හිරු එළියට රිසි දෙයක් කරගන්න ඉඩ දීලා ලියෝනා ඇස් පියාගත්තෙ කල්පනා සයුරක ගිලෙන්න උනත් වැඩි වෙලාවක් ලියෝනට එහෙම ඉන්න ජන්ග්ගුග් ඉඩ දුන්නෙ නෑ..

"කියනවකො නූනා.." ජන්ග්ගුග් යටි තොලත් ඉස්සරහට දික් කරගෙන කියද්දි ලියෝනා හිනාවෙවී ඉදියත් වෙච්ච දේ කිව්වෙ නම් නෑ.. 

ශූටින් අතරතුරේ දවස ගෙවිලා ගියේ ලියෝනටවත් ජන්ග්ගුග්ටවත් හොස්පිට්ල් එකට යන්න ඉඩක් නොලැබීමයි.. ක්ලාරා රිසර්ච් එකේ වැඩ වලට ඕන දේවල් මල්ලිට කියද්දි මල්ලි ලැප් එකේ කරන්න තියෙන දේවල් කරේ ඩොක්ටර්ගෙ රැවුම් ගෙරවුම් මැද්දෙ..

"ඔන්න මං ඔයාගෙ ප්‍රොජෙක්ට් එක මල්ලිට මාරු කරා.."

පහුවෙනිදා පාන්දරම ඇන්ඩෲ ක්ලාරගෙ රූම් එකට ඇවිත් කිව්වෙ හිනාවකින් මූණ සරසගෙන.. හොස්පිට්ල් එකේ වීදුරුවෙන් පේන චෙරි ගහේ දෑස් රදවගෙන ඉදපු ක්ලාරා ඇදේ පහළට කකුල් දෙක දාලා වාඩි වෙලා ඇන්ඩෲ දිහා බැලුවෙ කටත් ඇරගෙන..

"මොන එකද?? කොරල් එක??"

"ඔව්.."

"ආආආආආ අනේ... ඩැඩී... ඒක මං කරන්නෙ ආසාවෙන්නෙ.. මොකක්ද ඩැඩී.."

ක්ලාරා කිව්වෙ කකුල් දෙක ගස ගස..

"එහෙනම් රිසර්ච් එක හරි, ඩ්‍රාමා එකේ වැඩේ හරි අතාරින්න ඕන.."

"රිසර්ච් එක අතෑරලා කොහොමද මං 𝙘𝙫 එක කම්ප්ලීට් කර ගන්නෙ?? ඒක කරන්න බෑනෙ ඩැඩී.."

"එහෙනම් ඩ්‍රාමා එක" ඇන්ඩෲ කියද්දි ක්ලාරා බුම්මගත්තෙ මොකුත් නොකියා..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now