නැම්ජූන් පැහැදිලි කරන දිහා ටේහ්‍යුන් බලන් ඉදියේ කියාගන්න බැරි හැගීම් ගොන්නක් හිතේ හිර කරන්.

🐨ටේ ඔයාගෙ පස්සෙන් ඕන තරන් කෙල්ලො කොල්ලො ආවා එත් කුකී ඔයාගෙ ජිවිතේට ආවහම ඔයාගෙ හදවත එයා ගාව විතරක් නැවතුනා.

නැම්ජූන් ටේහ්‍යුන්ගේ පපුවට අත තියල එයා දිහා බලන් හිටියේ හිනා වෙලා

🐨ඔයාගෙ හදවත් කියන දේට ඇහුන්කම් දෙන්න ටේ.හදවත නතර උනු තැන නතර වෙන්න

නැම්ජූන් කියන දේ දිහා ඇහිපිල්ලමක් වත් නොගහ ටේහ්‍යුන් අහන් හිටියේ හීන ලෝකෙක ගිගිලා වගේ.නැම්ජූන් එතනින් නැගිටලා ගියේ ටේහ්‍යුන් ට ටිකක් කලපනා කරන්න ඉඩ දීලා

falshback end:

🐯මන් කුකීට ආදරෙයි!!!  ඔව් මන් එයාට ආදරෙයි..එත් මන් ඒ වචනෙට කැමති නැහැ.ඔම්මා ඔයා හින්දයි මේ ඔක්කොම.

ටේහ්‍යුන් කොට්ටෙ මූනට තද කර ගත්තෙ තවත් කල්පනා කරමින්

🐯කමක් නැ මන් කුකීව මගෙන් ඈත් කරන්නැ.ඔව් මන් එයාව මගේම කරගන්නවා.

ටේහ්‍යුන් හිනා වෙලා කොට්ටෙත් බදන් නිදා ගත්තේ හෙට දවස ගැන කල්පනා කරමින් ඉද්දී

________________________________________

namjin room

🐹 ජූන් ටේ?

🐨එයාට කල් ඔනේ ජීනී මේ ගැන හිතන්න

ඇදේ headboard එකට ඔලුවත් තියාගෙන නැම්ජූන් හිටියේ ජින්ව තමන්ගෙ කකුල් දෙක අතරට මැදි කරගෙන බදාගෙන.ජින් හිටියේ පොතක් කියව කියව.එක පාරට නැම්ජූන් ඇවිල්ලා ටේහ්‍යුන් එක්ක කතා උන දේවල් කිව්වෙ නැම්ජූන්ගෙ හිත නොසන්සුන් හින්දා

🐹ඇයි ජූන් ටේහ්‍යුන් ආදරේ කියන දේට කැමති නැත්තෙ?

නැම්ජූන් දිග සුසුමක් හෙලලා ජින්ගේ ඔලුව ඉම්බේ ලොකු කතාවක් කියන්න.

🐨ජීනි ඔයා දන්නව මගෙ අප්පා ඔම්මට ගොඩාක් ආදරේ කලා.අපේ ඔම්මත් ඉස්සර ලස්සනයි.අපි හැමෝම හරි සතුටින් හිටියේ.ඉස්සර අප්පටත් සල්ලි තිබුනා.company එක හින්දා.එත් ජින් ඔම්මා කාලයක් යද්දි වෙනස් උනා.රෑට රෑට ගෙදර එන්න පරක්කු උනා.අප්ප එක්ක හැමදාම රන්ඩු උනා.ඔම්මයි අප්පයි රන්ඩු වෙනව බලන් ඉන්න බැරි තැන මන් ටේහ්‍යුන් ව බදාගෙන ඇහුවා.ඒ කාලෙ අපි ගොඩක් පොඩියි.අපිට මුකුත් තේරෙන්නෙ නැ.අප්පා දැනගෙන තිබ්බා ඔම්මට වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනව කියල.පස්සෙ ඔම්ම අප්පව දාලා ගියා.අප්ප ගොඩාක් වැටුනා.එයා එහෙම වැටුන දවසක් මන් දැකල තිබ්බෙම නැ ජින්.ඔම්ම ගියහම ටේහ්‍යුන් ගොඩාක් පොඩියි.ඒ කාලෙදි ටේහ්‍යුන් ට ඔම්මගෙ ආදරේ ගොඩක් ඔන උනා.එත් එයාට ඔම්මගෙ ආදයක් කොහෙන් දෙන්නද ? අප්පට මේවා බලන් ඉන්න බැරි තැන ඔප්පත් රට ගියා.අපිව ග්‍රැනී බලා ගත්තේ.එත් අප්පා අපිට කිසිම අඩුවක් කලේ නැ.අවුරුදු 17 යි මට.company එකේ හැම වගකීමක්ම මගේ කර උඩට ගන්න උනා.මන් කොහොම හරි company එක වැටෙන්න නොදී බලා ගත්තා.අද මන් මේ ඉන්න තැනට ආවෙ ටේහ්‍යුන් , ග්‍රැනී වගේම මගෙ ලගින් හිටපු යාලුවා යුන්ගි හින්දා.ටේහ්‍යුන් ආදරය කියන දේට ඔය තරම්ම අකමැති ඔය හින්දයි.එයාට පොඩි කාලෙදිම ඕන කරපු ආදරය , උනුසුම ලැබුනෙ මගෙන් විතරයි.අපි දෙන්නම පොඩි කාලෙදි ගොඩක් දුක් වින්දා.මේ ඔක්කොම ඔම්මගෙ වැරදි.එකයි ටේහ්‍යුන් අදටත් ඔම්මට වෛර කරන්නේ😖

ලොකු කතාවක් අවසානයේ නැම්ජූන්ගේ ඇහැ අග කදුලක් ඉතුරු උනේ ජින් අහන් ඉද්දී.ජින් නැම්ජූන් දිහාවට හැරිලා අත් දෙකෙම්න නැම්ජූන් ගේ මූන අල්ල ගත්තෙ ලොකු ආදරයකින්

🐹ශ්ශ්....බබා එකට කමක් නැ.ඔයාට මන් ඉන්නවා..කුකී ටේහ්‍යුන් ව බලා ගන්නවා.මට ඒක විශ්වාසයි.

ජින් නැම්ජූන්ගේ දෙතොල් හරි සියුම් ලෙස සිපගත්තේ ගැබ් උනු සෙනෙහසෙනි.ඒ හාදුවේ උනුසුම , ආදරය ඇතුලත් වෙලා තිබුනා.නැම්ජූන් ජින්ගේ හාදුවට ප්‍රතිචාර දැක්වූයේ සතුටිනි.මොකද එයාගෙ ජින් එයාගෙ ජීවිතේට පොඩි කාලෙදි මග හැරුණු  ආදරය එයාට ලබා දෙන නිසා.

ටේහ්‍යුන්ටත් එයාගෙ පොඩි කාලෙදි මග හැරුණු ආදරය කුකීගෙන් හම්බවෙයිද?
.
.
.
.
.
.
.

𝙼𝙰𝙵𝙸𝙰 𝙻𝙾𝚅𝙴𝚁♡⤞Where stories live. Discover now