"අපෝ ජිමින්ශිගෙ සැර.."

ජන්ග්ගුග් කියද්දි ටේහ්‍යුන්ගෙ හිනාව පුපුරලා ගියා.. පැය දෙක තුනක්ම කියව කියව ඉදපු ටේමින් ඩබල ගෙදර ගියේ බොන්ජො ජන්ග්ගුග්ගෙ අම්මලත් එක්කගෙන ආවට පස්සෙ.. රෑ වෙනකන්ම ජන්ග්ගුග් එක්ක කාලය ගත කරපු ජන්ග්ගුක්ගෙ අම්මයි තාත්තයි ගෙදර ගියේ හෙටත් එන පොරොන්දුව ජන්ග්ගුග්ට දීලා..

බොන්ජො ගෙනත් දීපු ෆෝන් එක අතට ගත්ත ජන්ග්ගුග් ඒක ඔන් කරා.. නොටිෆිකේශන් වැස්සක් මගෑරලා ක්ලාරගෙ නම්බර් එක ඩයල් කරපු ජන්ග්ගුග් ෆෝන් එක කනට තියාගත්තා.. ඒත් ඇහුනෙ ජන්ග්ගුග් බලාපොරොත්තු උන හඬ නම් නෙවෙයි.. ක්ලාරගෙ නම්බර් එක වැඩ කරන්නෙ නෑ.. ජන්ග්ගුග් නළල රැලි කරගෙන ආයෙ ආයෙ කෝල් ගත්තත් වැඩක් උනේ නෑ..

ජන්ග්ගුග්ට අවධානය නොදී රූම් එක අස් කරනවා වගේ පෙන්නපු බොන්ජොත් ජන්ග්ගුග්ගෙ හැසිරීම දිහා බලාගෙනයි ඉදියේ..

"බොන්ජො.. ක්ලාරගෙ නම්බර් එක වැඩ කරන්නෙ නෑනෙ.."

"ආහ්හ්හ්.. මොකක්ද??"

"ක්ලාරගෙ නම්බර් එක වැඩ කරන්නෙ නෑනෙ.."

ජන්ග්ගුග් නළලත් රැලි කරගෙන කියද්දි බොන්ජො අපහසුවෙන් හිනා උනා..

"මොකක් හරි වැඩක වෙන්න ඇති.. දැන් රෑ වෙලා බම්.. නිදාගනි!!න්කෝ.."

බොන්ජො කියද්දි ලොකු හුස්මක් පහළට හෙලපු ජන්ග්ගුග් ෆෝන් එක සයිඩ් ටේබල් එක උඩින් තියලා බ්ලැන්කට් එක ඔලුවෙ ඉදන් පොරවගත්තා..

උදේ පාන්දර නැගිටපු ජන්ග්ගුග්ව චෙක් කරපු මින්හෝ ජන්ග්ගුග්ගෙ තත්වෙ යහපත් වෙමින් පවතින් බව කියද්දි නම් වැඩිපුර සතුටු උනේ බොන්ජො.. පැයක් විතර ගත වෙද්දි ජන්ග්ගුග්ගෙ අම්මලා ආව නිසා ජන්ග්ගුග් දවස ගත කරේ අම්මලා එක්ක.. ඒක බොන්ජොට ලොකු සැනසීමක් උනේ ක්ලාරා ගැන අහන ජන්ග්ගුග්ව මගෑරගන්න පුලුවන් උන නිසා..

හවස් වෙද්දි අම්මලා ගියාට පස්සෙ මින්හෝ ආවෙ ජන්ග්ගුග්ව චෙක් කරන්න.. බ්ලඩ් රිපෝට් එකත් අරගත්ත මින්හෝ යනවත් එක්කම රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ආවෙ ලියෝනා.. ජන්ග්ගුග්ගෙ මූණෙ ඇදුනෙ නම් බලාපොරොත්තු කඩ උන හිනාවක්..

The Heart Of The Sea / JJK / Completed Where stories live. Discover now