Author Note

282 59 63
                                    


       ඉතිං ඔන්න අදින් ඔයාලා ආසාවෙන් කියවපු.. මං ආසවෙන් ලියපු Boy With Love මගේ පළවෙනි fan faction එක ඉවරයි... 😊 කතාව ඉවර එක උන ගැන පොඩි සතුටක් එක්ක ලොකු දුකකුත් තියෙනවා..
  
       ම්.. කතාව ගැන කියනවා නම් මං ඇත්තට ම ලොකු දෙයක් ඒ.. කියන්නේ.. ඕන ම කතාවක් ගෙතෙන්නේ මොකක් හරි සිද්ධියක් පදනම් කර ගෙන නේ.. ඇත්තට ම මගේ කතාවට එහෙම ම කියලා විශේෂ දෙයක් මගේ හිතේ තිබුණේ නෑ.. මට ඕනි උනේ.. අයියලා මල්ලිලාට එයාලගෙ ම කියලා ආදරයක් ලැබෙන හැටි තමයි ලියන්න ඕනි උනේ..
 
     ඇත්තම කියනවා නම් මං මුලින් ම හිතුවේ.. Kim Seok Jin , Kim Namjoon , Kim  Taehyung කියන තුන් දෙනාට එයාලගෙ ආදරේ හම්බෙන විදිහ.. ඒක ලබා ගන්න විදිහ ලියන්න... මං හැදුවේ කතාවේ අන්තිමට මේ අයියලා මල්ලිලා තුන්දෙනා ව ම එකට marry කරලා එයාලගේ wedding  එකෙන් කතාව ඉවර කරන්න.. ඒත් ඇත්තට ම කතාව ලියන්න ගත්ත ම ඒක ගොඩක් වෙනස් උනා..
 
      හැම ආදරවන්තයන්ට ම ආදරෙ කරද්දි කරදර වෙන්න ඕනි ද..  කිසි ම ප්‍රශ්නයක් නැතුව තමන් ගේ ආදරේ තමන් ගේ කර ගන්න බැරි ද..  ඒ වගේ කිසි ම ප්‍රශ්නයක් නැතුව තමන් ගේ ආදරේ විදින ලබා ගන්න දෙන්නෙක් මගේ කතාවේ ඉන්න ඕනි කියලා මට වගේ ම මගේ අක්කටත් හිතුනා..

      ඉතිං ඒ නිසා තමයි මං Kim Seok Jin කියන චරිතේ හොද.. කරුණාවන්ත.. ලගින් ම ඉන්න අයව රැක බලා ගන්න.. පළවෙනි ආදරෙන් ම ආදරේ ලබා ගන්න ආදරවන්තයෙක් විදිහට ලියන්න හිතුවේ..  එතකොට  Geum Ara  කියන චරිතේ තමන්ගේ නංගිට යාලුවට ගොඩාක් ආදරේ කරන.. ඒ වගේ ම තමන්ගේ පළවෙනි ආදරයට වටිනාකමක් ලබා දෙන කෙනෙක් වගේ ම ආදරේ කරන කෙනාගේ පවුලේ හැමෝම එයාගේ පවුලේ අය වගේ ආදරෙන් රැක බලා ගන්න ආදරවන්තියක් විදිහට ලියන්න හිතුවා.. ඉතිං ඒ මං ඒ වගේ හොද දෙන්නෙකුට කරදරයක්  නැති හැමෝගෙම කැමැත්ත මැද තියෙන ආදරයක්  දෙන්න හිතුවා... ඉතිං ඔයාලා හිතන්නේ ඒ වගේ අය මේ ලොකේ නැද්ද.. ඉන්න බැරි ද... ඒ වගේ කරදරයක් නැති ආදරයක් ලබන්න බැරි ද.. අනිත් අයට ගැන හිතන පරාර්ථකාමි සහොදරයෝ ඉන්න බැරි ද..
  
    එතකොට තව මේ ලොකේ ඉන්නවා තමන්ගේ පළවෙනි ආදරේ නොලැබුනා කියලා දුක් වෙන අනිත් අය එක්ක තරහා වෙන ආදරවන්තයෝ... පස්සේ ඒ දේට අනිත් අයගේ වැරැද්දක් නෑ කියලා දැන ගත්තම ගොඩක් දුක් වෙන අය... ඊට පස්සේ තමන් ගේ ජිවිතේ ගැන හිතන්නේ නැතුව දගකාරකමට ජීවත් වෙන අය.. ඒත් තමන්ගේ සැබෑ ආදරේ ලැබුන ම ඒ වෙනුවෙන් ඕනි ම දෙයක් කැප කරන්න කැමති අය... ඉතිං මං Kim Taehyung  කියන චරිතෙන් ඒ වගේ ආදරවන්තයෙක් තමයි ඔයාලට දෙන්න හැදුවේ.. තමන්ගේ සහෝදරයන්ට වගේ ම ලගින් ඉන්න අයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.. ඒ වගේ කෙනෙක් ව ආදරෙන් බලාගන්න.. ගොඩක් ආදරේ කරන.. තමන්ගේ යාලුවත් එක්ක ම ඉන්න.. කරදරේක දි උදව් කරන.. යාලුකම සහෝදරකම දන්න හොද යාලුවෙක් වගේ ම හොද ආදරවන්තියක් තමයි මං Kim Yoon ah කියන චරිතෙන් පෙන්නන්න උත්සාහ කරේ.. තව තමන්ගේ තාත්තගේ ආදරේ ලබන්න බැරි උනත් අනිත් වැඩිහිටියන් ගේ ආදරේ ලබන්න පින් කරලා තියෙන ඒ අයට ආදරෙන් සලකන කෙනෙක් කරන්න...

Boy with Love ❤(Completed)❤️Where stories live. Discover now