16 💜

37 9 6
                                    

ජිමින් අද ටේහ්‍යුන් එක්ක නිදාගන්නවා කියලා ගියපු නිසා ජින් එයාගෙ පෙට් පේශන්ට්ස්ලගෙ රිපෝට් වගයක් චෙක් කරන්න ගත්තේ නම්ජූන් දැං සෑහෙන වෙලාවක ඉදන් කෝල්ස් වගේක ඉන්න හින්දා.

කෝල් එක ඉවර වෙලා ඇතුලට ආපු නම්ජූන් ජින්ට එහාපැත්තෙ පුටුවෙන් වාඩි වෙලා ජින් දිහා බැලුවා. ඇත්තටම නම්ජූන්ට මේවෙලේ ආයෙම හිතුනා එයාගෙ හස්බන්ඩ් කොච්චර ලස්සනයිද කියලා.

" ඔයා ලස්සනයි ජිනී." කියපු නම්ජුන් ජින් ගෙ ටිකක් දිගට වැවිලා මූනට වැටිලා තිබුන කොන්ඩ ගහක් අරන් කන පිටිපස්සෙන් රැදෙව්වා.

" මන් දන්නවා. I am world wide handsome you know." කියලා හිනා උන ජින් එයාගෙ රිපෝට් එක වහලා නම්ජුන්ගෙ පැත්තට හැරිලා එයාගෙ බෙල්ල වටේට අත් දෙක දා ගත්තා.

" මොකද්ද ප්‍රශ්නෙ ජූනී. අපිට එකතු වෙලා විසදගන්න බැරි එකක්ද " අහපු ජින් එයාගෙ ආදරේ පිරුන සුවදම සුවද හාදුවක් ජූන්ගෙ නලලෙන් තිබ්බා.

" ඔයා හැමදාම හැමෝටම කලින් මාව තේරුම්ගන්නවා. ඔයාගෙන් දේවල් හන්ගන්න හිතන්නවත් බැ." කියලා එයාගෙ ඩිම්පල්ස් පේන්න හිනා උන නම්ජූන් ජින්ගෙ නහයට හාදුවක් තිබ්බා.

" ඉතින් කියන්නකො..." ජින් ආයෙම නම්ජූන්ගෙ ඇස් වලට එබුනා.

" ප්‍රයිම් මිනිස්ටර්... එයා මිනී ගැන දන්නවා. " නම්ජූන් ජින්ගෙ ඇස් මගඇරලා කිව්වෙ මොකද එයා හොදටම දන්නවා ජිමින්ව එක්කන් ගිහිල්ලා එයාලා කරේ කොයිතරම් අවදානමක් ගත්ත එකද කියලා.

" මොකක් කිව්වා... එයා.. එයා කොහොමද මගෙ දරුවා ගැන දන්නෙ ජුනී. "

" ඇත්තටම අපිට එදා ගෙදර ඉන්නයි තිබුනෙ ජිනී. මට සමාවෙන්න."

" එයා කොහොමද දන්නෙ... අපි ජිමින්ව අරන් ගොඩක් දුරකට යමු ජූන් ප්ලිස්. අපි අදම යමුකො.. අනෙ මගෙ දරුවා ජූන්.. එයා හරි ලස්සනට පිපෙන්න පටන් ගත්තා විතරයි. " ජින් හුගක් කලබල වෙලා ඉන්නෙ.

" එදා පාර්ටි එකේදි ජිමින් ටේහ්‍යුන්ලා එක්ක ඉද්දි කැප් එක ගලවලා දාපු එක එක්කො මිනිස්ටර් දැකලා තියෙනවා. එක්කො දැකපු කෙනෙක් එයාට කියලා තියෙනවා. මොක කොහොම උනත් ජිමින් ඉන්නෙ අවදානමක. ජිමින් විතරක් නෙමෙ ඔයා මම ටේහ්‍යුන් ජන්කුකීත්.

මට ඔයාට තාම හැමදේම කියන්න බෑ. ඒත් මට ටික දවසක් දෙන්න මන් හැමදේම කියන්නම්. අපි ගැන..නැ..මිනී ගැන හොයන්න එයා බාරදීලා තියෙනවා කෙනෙක්ට. ඇත්තටම මට මේ පනිවිඩ කියන මිනිස්සුන්ව වත් මට විස්වාස කරන්න බැ." නම්ජුන් එයාගෙ නලල තදින් මිරික ගත්තා.

"ඒ යුන්ගි..... මින් යුන්ගි නේද... මන් එයාව දැක්කා එදා ප්‍රයිම් මිනිස්ටර් ගෙ ගෙදරදි." ජින් කිව්වෙ නම්ජූන්ට තද බැල්මක් දාලා.

" හ්ම්ම්ම්.. මන් ඔයාට පස්සෙ හැමදේම විස්තරව කියන්නම් ජිනී. Please give me some time okay."

" අපි.. අපිට.. අපි ඔක්කොටොම බැරිද මේ රටෙන් යන්න. ඒ පිස්සු මිනිහට හොයාගන්න බැරි වෙන්න යන්න පුළුවන් නේ."

" ජිනී...මයි ලව්... ඒ ප්‍රයිම් මිනිස්ටර් වස්තුවෙ. එයා අපි කොහේ හිටියත් රැයක් එලිවෙන්න කලින් හොයා ගන්නවා. "

" අපි දැං මොකද කරන්නෙ ජුන්...මගෙ දරුවා පරිස්සම් කරගන්න මම ඕනම දෙයක් කරාවි ජූන්. ප්ලීස් මට කියන්න." එයා හිටියෙ නම්ජූන්ගෙ ශර්ට් එකේ එල්ලිලා කිව්වොත් හරියටම හරි.

ජින්ගෙ අත් දෙකෙන් අල්ලගත්ත නම්ජුන් එයාව එක්කන් ඇවිල්ලා එයාලගෙ ඇදෙන් වාඩි කරලා හැමවෙලේම හිනා වෙන ඇස් දිගේ පහලට ගලන කදුලු පිහදාලා දැම්මා.

" ඇත්තටම මන් දන්නැ ජිනි මිනිස්‍ටර් මොනවා කරයිද කියලා. හැබැයි එයාට ආරංචි වෙලා තියෙනවා මම අප්පගෙ මරනෙ ගැන හොයනවා කියලාත්. ඉස්සරහට වෙන්න තියෙන ඕනෙම දේකට මූන දෙන්න ලෑස්ති වෙන්න ඕනෙ අපි"

" එයා තාම හරියට කතා කරගන්නවත් බැරි පොඩි දරුවෙක් නම්ජූන්. එහෙව් දරුවෙක්ගෙන් මිනිස්ටර්ට මොකද්ද තියෙන වාසිය."

" bio weapon.. ජිමින් කියන්නෙ බයො වෙපන් එකක් ජිනී. එයා ඔය විදියට කාම් හුරතල් බබෙක් වෙලා ඉන්නෙ ඔයා එක්ක ටේහ්‍යුන් එක්ක ඉන්න හින්දා. හිතන්න චූටි කාලෙ ඉදන් නරක නපුරු දේවල් ඔලුවට වැටුන හයිබ්‍රිඩ් දරුවෙක් හරි වයස එද්දි කොහොම රීඇක්ට් කරයිද කියලා. "

" අපි මෙහෙන් යමු. එච්චරයි. "

" කලබල වෙලා මොකුත් කරන්න බෑ ජිනි. Please understand the situation. දැං නිදාගමු. හෙට ඉදන් අපි ගෙවන්නෙ සාමාන්‍ය දවස් නොවෙන්න පුළුවන්."

You've reached the end of published parts.

⏰ Last updated: Apr 23 ⏰

Add this story to your Library to get notified about new parts!

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now