4 💜️

139 36 34
                                    

" එයාව අපිට තියාගන්න බැහැ නම්ජූන්. දෙයියන්ගෙ නාමෙට කරුනාකරලා එයාව ගෙනාපු දිහාවකට ගෙනිහින් දෙන්න. "

" මං එයාව කොහෙන්වත් ගෙනාවෙ නෑ දෙයියනේ. මමයි එයාව හැදුවේ. "

" දැං ඔයා කියන්නෙ ඔයා ඇත්ත බබෙක්ව ක්‍රියේට් කරා කියලද කිම් නම්ජූන්. "

" ඔව් දෙයියනෙ ඔව්... මාව පොඩ්ඩක් විස්වාස කරන්න ලව්. "

" ඔයා කියන්නෙ ඔයා මේ පොඩි දරුවව අම්මෙක් තාත්තෙක් නැතුව ක්‍රියේට් කරා කියල මට විස්වාස කරන්නද ජූන්.... ඔයාට මාව පිස්සෙක් වගේද පේන්නෙ.... මට ප්‍රෙශර් වැඩි නොකර කරුනාකරලා මේ බබාව එයාගෙ පේරන්ට්ස්ලට ගිහින් දෙමු නම්ජූන්. අපිට අනුන්ගෙ බබෙක් මෙහෙම තියාගන්න බෑ. "

" ජිනී....මයි ලව්...... he is our baby.. i am the dada and you are the papa. ඔයාට අමතකද මේක තමා මගෙ අප්පා, එයා නැතිවෙද්දි බාගෙට කර කර හිටපු රිසර්ච් එක. I found his papers recently."

" නෝ ගෝඩ්.... this can't be true namjoon." ජින් එහෙම්මම බිම ඉදගත්තෙ එයාට මේ ඇහෙන දේවල් විස්වාස කරන්න ඕන උනේ නැති හින්දයි.

නම්ජූන් මොකක් නමුත් බරපතළ රිසර්ච් එකකට ඔලුව දාගෙන හිටියා කියල ජින් දැනගෙන උන්නත් එයා දැනගෙන හිටියෙ නැහැ නම්ජූන් එයාගෙ අප්පගෙ රිසර්ච් එක කන්ටිනිව් කරන්න ඇති කියල.

"ම්ම්ම්ම්ම් හ්‍යෝන්....ඔයාලා දෙන්නා රන්ඩු වෙලා ඉවර නම් ඔයාලට පොඩ්ඩක් මෙයා දිහා බලන්න පුලුවන් ද. මං හිතන්නෙ එයාට බඩගිනි වගේ. "

මෙච්චර වෙලා වැඩිමල් කිම්ලා දෙන්නාගෙ බහින් බස් වීම ට සම්බන්ද නොවී චූටි පැටියා එක්ක කෝලම් කර කර හිටපු ටේහ්‍යුන් කිම්ලා දෙන්නට කතාකරේ මේ අරුම පුදුම පැටියා මූනත් ඇබුල් කරගෙන එයාට මොනවද කියන්න ගත්ත හින්දයි.

"ඕ නෝ එයා අඩන්නද හදන්නෙ..." ටේහ්‍යුන් කියපු ගමන්ම ග්ලාස් බොක්ස් එක ලගට දුවගෙන ආපු ජින් ඇහුවෙ තාමත් ටික ටික බෙරි කර ගන්න පුංචි අමුත්තා දිහා බලාගෙන.

"ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ... "

ඇත්තටම එයා පේන තරම්ම හොද පැටියෙක් නෙමේ කියල පෙන්නන්නද කොහෙද චූටි අමුත්තා එයාට පුලුවන් උපරිම හයියෙන් අඩන්න ගත්තේ මෙච්චර වෙලා එයා හරිම හොද පුන්චි බබෙක් කියල කියපු ටේහ්‍යුන්ටත් දවල් තරු පෙන්නලා.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now