8 💜

138 25 20
                                    

අස්ලාන්ගේ ට්‍රීට්මන්ට් වලට එයාව ක්ලිනික් එකට එක්කන් එන්න එපා කියපු ජින්, ජංකුකී එක්ක ප්‍රයිම් මිනිස්ටර් ගේ ගෙදරට ගිහිල්ලා අස්ලාන්ට ට්‍රීට්මන්ට් කරන්න එකග උනේ නිතරම ප්‍රයිම් මිනිස්ටර් ගෙ කපුටො එයාගෙ ක්ලිනික් එක වටේට කැරකැවෙන්න ගන්න එක ජින්ට වදයක් උනා වගේම ඒක ජිමිනී ගෙ ආරක්ශාවටත් තර්ජනයක් වෙන්න පුලුවන් හින්දයි.

මේ අතරෙම ජංකුකීගේ බාරකාරයා උන මින් යුන්ගි දවස් ගානකට ගෙදරින් එලියට ගිහින් හිටපු නිසා ජින් , ජංකූකීට කිව්වා එයාලගෙ ගෙදර ඇවිල්ලා නතර වෙලා ඉන්න කියල ආයෙම යුන්ගි ගෙදර එනකන්. මොකද ට්‍රීට්මන්ට් වලට ගිහාම ප්‍රයිම් මිනිස්ටර්ගෙ පුතාගෙ ඇස් ජංකුකී වටේට දුවනවා කියල ජින් දවස් 2 3ක්ම හොදට නෝට් කරගෙනයි හිටියේ.

වෙනදා වගේම ට්‍රීට්මන්ට් වලට මිනිස්ටර් මෑන්ශන් එකට ගියපු ජින්කූක් දෙන්නා අස්ලාන් එක්ක සහයෝගෙන් එයාගෙ ට්‍රීට්මන්ට් එක පටන් ගත්තා. ගෙදර හැමෝටම වඩා අස්ලාන් උනත් ජින් ජන්කුකී දෙන්නා එක්ක එකතු වෙලා හිටියා. ඉතින් මේ වෙලාවෙ උනත් ජින් එයාගෙ වූන්ඩ් එකට බෙහෙත් කරනකන් අස්ලාන් ජන්කුකීගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙන දිවත් එලියට දාගෙන සැපට නිදාගෙනයි ඉන්නෙ.

" බලන්නකො මෙයා ඉන්න සැප නේද හ්‍යුන්... ආපුම දවසෙ අපිව හපන්නත් ගියා.."

" ම්ම්ම්ම් එයාට ඔයා ගාවින් මිනීගෙ සුවදත් එනව ඇති ජන්කුකා.. මෙයාට දැං හොදයි. තව දවස් 2ක් වගේ ට්‍රීට්මන්ට් කරා නං ඇති වෙයි. "

" අප්පො ලොකු දෙයක් හ්‍යුන්.. මම නං මේ භූත බංගලාවට එන්න පොඩ්ඩක් වත් කැමති නෑ."

" ම්ම්ම්ම් මාත්.." කියන ගමන්ම ජින් අස්ලාන්ගෙ වූන්ඩ් එකට ප්ලාස්ටර් එක ඇලෙව්වා.

ට්‍රීට්මන්ට් ඉවර කරලා එයාලගෙ බඩු ටික අරන් ඇවිත් කා එකට දාපු ජින් බැලුවෙ මිනිස්ටර්ගෙ චීෆ් ගාඩ් කොහෙද කියල. එයාලා යද්දි ඉතින් කියලා යන්න ඕනි නේ.

" මිස්ටර් ජෝන්.. අපි එහෙනන් ගිහිල්ලා එන්නම්. අස්ලාන්ට තව දවස් 2ක් විතර ට්‍රීට්මන්ට් කරාම හොදටම ඇති. දැනට එයාට බෙහෙත් දෙන්න ඕනෙත් නෑ. නෝමලි දෙන විටමින්ස් විතරක් දෙන්නකො. "

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now