12 💜️

88 16 7
                                    

ලොකු බිස්නස් කතාවක ගිලිලා හිටපු නම්ජූන්ට එහාපැත්තෙ කම්මැලිකමෙන් වාඩි වෙලා හිටපු ජින් දැක්කෙ එයාලා දිහාවට කලබලෙන් ඇවිදගෙන එන ටේහ්‍යුන් ව. ඉදගෙන හිටපු තැනින් එක්ස්කියුස් කරලා නැගිටපු ජින් ටේහ්‍යුන් ඉස්සරහට ඇවිදගෙන ගිහාම ටේහ්‍යුන් දුවන් ඇවිල්ලා ජින්ව ඇදගෙන මුල්ලක් අස්සට රිංගුවා. ටේහ්‍යුන් ට හොදටම දාඩියත් දාලා තිබ්බෙ.

" හ්‍යෝන්...මාර ප්‍රශ්නයක්.....ජිමිනී තොප්පිය ගලවලා විසිකරා. කවුරුත් දැක්කද දන්නෑ.. ජන්කුකීත් බය වෙලා ඉන්නෙ. මට කිසිම හොදක් දැනෙන්නෑ හ්‍යෝන් අපි ඉක්මනට ගෙදර යන්න ඕනෙ. අපෙ හ්‍යොන් කෝ.. ඉක්මනට යමුකො."

" කාම් ඩවුන් ටේටේ... කාම් ඩවුන්....අපි ඉක්මනට ගෙදර යමු හොදද....ඉන්න මම නම්ජූන්ව එක්කන් එන්නම්. ඔතනම ඉන්න."

කියපු ජින් නම්ජූන්ව එක්කන් එන්න ගියත් නම්ජූන් එක්ක හිනාවෙවී කතා කර කර ඉන්න කෙනා දැක්කම ජින්ට දාඩිය දාන්න ගත්තා.

" එක්ස්කියුස් මී."

" ඕහ්හ්..ජිනී.... බලන්නකො කවුද මේ කියල. ඔයාට මතකද හෝසෝක් ව.. ජන්ග් හෝසෝක්. ඩාන්සින් ක්ලබ් එකේ ලීඩර්. "

" අහ් මට මතකයි ජූන්... හෙලෝ හෝසෝක්..කොහොමද ඉතින්..."
කියල හෝසෝක්ට එයාගෙ ලස්සන හිනාවත් එක්කම අත දික් කරා. ජින්ගෙ අත අල්ලගෙන ඒ හා සමානම හිනාවක් දුන්න හෝසෝක් ඔලුව නමලා ජින්ව පිලිගත්තා.

" මට සමාවෙන්න ඇත්තටම. අපිට ඉක්මනට යන්න වෙනවා හෝසෝක්ශී. බබාට පොඩ්ඩක් සනීප නෑ වගේ. ටේහ්‍යුන් එක්ක හිටියෙ එයා."

" ආහ්...මට හම්බුනා එයාලව. ඔයාලගෙ බබා හරිම හුරතල්. එනි වේ කන්ග්‍රැජුලේශන්ස් නම්ජූන්. "

හෝසොක්ට ජිමින්ව මුන ගැහිලා කියල ඇහුනට පස්සෙ තමන්ට කලන්තෙ එන්න වගේ දැනුන ජින් ඉක්මනට තද කරලා නම්ජුන්ගෙ අතක් අල්ල ගත්තේ අපි ඉක්මනට යන්න ඕනෙ කියල නොකියා කියලයි.

" ආහ්...තෑන්ක් යූ හෝසොකා. Im really sorry. We have to go now. Anyway can you come my home for tomorrow dinner please."
කියද්දි ජින්ගෙ අත තව එයාට තද වෙනවා වගේ දැනුනත් එයා ඒක එච්චර ගනං ගත්තෙ නෑ.

" sure namjoon. I will. Bye then" 
කියපු හෝසොක් ජින්ටත් අතවනාගෙන එයාලා ඉන්න තැනින් අයින් උනාම ජින් ඉක්මනට නම්ජූන්ව ඇදගෙන ටේහ්‍යුන් ඉන්න තැනට ගියා. ටේහ්‍යුන් උඩ පැන පැන නියපොතු හප හප ඉන්න විදිහ දැක්ක නම්ජූන්ට තේරුනා මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now