3 💜️

142 38 18
                                    

නම්ජූන්ගෙන් ආපු කෝල් එකෙන් පස්සෙ නම්ජූන්ගෙ හැටි හොදටම දන්න ජින් පුලුවන් දක්ශකම් ඔක්කොම දාලා වේගෙන්ම ගෙදරට එන්න පිටත් උනේ එයාගෙ ආදරනීය සැමියා එයාගෙ ලස්සන ගෙදර ගිනි තියලා තියෙන්න නම් එපා කියලා මතක් වෙන හැම දෙවියන්ටම කිය කියමයි. විනාඩි 15ක් යන්නත් කලින්ම ගෙදරට ආපු ජින් මහ හයියෙන් බ්‍රේක් පාරකුත් ගහන ගමන්ම වාහනෙ නතර කරලා දොර ඇරගෙන ගේ ඇතුලට දිව්වේ එයාගෙ පස්සෙන් ටේහ්‍යුන් ටත් එන්න කියලා සන් කරගෙනමයි.

"ජූන්න්........ජූනී..........කිම් නම්ජූන්න්න්න්......."

මහ හයියෙන් ජින් කෑගැහුවත් නම්ජුන්ගෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නෑ.

"එයා ඇත්තෙ ලැබ් එකේ ටේටේ. එන්න යමු." කියලා ටේහ්‍යුන්වත් ඇදගෙනම ජින් ලැබ් එක පැත්තට දුවගෙන ගියා.

වේගෙන් දුවගෙන ගියපු ජින් ලැබ් එකේ දොර ඇරගෙන ඇතුලට ගියත් නම්ජූන්ව හොයාගන්න බැරි උන හින්දා එයා එහෙම්මම තව ටිකක් ඇතුලට ඇවිදගෙන යනකොට දැක්කේ, බිත්තියක් පුරාවටම ගහලා තිබුන ලොකු වීදුරු ජනේලේ ළඟ හිටගෙන ජින්ට පිටුපාලා හිටගෙන ඉන්න නම්ජූන්ව. එයා කෝල් කරලා දගලපු තරම් කලබලයක් දැන් එයාගෙ ගාවින් දකින්න නොලැබුන එක ජින්ව බය කරා වගේම එයාට කේන්තියකුත් දැනුනා.

ඇයි දෙයියනෙ එයාලගෙ ශොපින් ඩේට් එකම ඉවරයි නෙ ඉතින්....!

"ජූන්....."

හෙමීට ජූන් ලගට ඇවිදගෙන ගියපු ජින් නම්ජූන්ගෙ උරහිසෙන් අතක් තිබ්බම වෙන කල්පනා ලෝකෙක හිටපු නම්ජුන් ගැස්සිලා පියවි සිහියට ආවා. එයා අනික් පැත්ත හැරුන ගමන්ම එයාගෙ සේෆ්ම සේෆ් ප්ලේස් එක උන එයාගෙ සුවදම සුවද හස්බන්ඩ්ට ගුලි උනේ එයාගෙ හැම ප්‍රශ්නෙකට උත්තරේ හම්බුනා වගේ.

" ජිනී....ඒක මං දන්නැ කොහොමද උනේ කියල.... ඒත් ඒක එහෙම වෙලා... මං දන්නෑ මොකද්ද ඒ කියල.. මට බයයි...."

මෙච්චර වෙලා එයාගෙ හිතේ තිබුන හැම හැගීමක්ම නම්ජූන් එයාගෙ හස්බන්ඩ් ගෙ උනුසුමේ ඉදන් දියකරලා යවන්න පටන් ගත්තා.

" ජූනී... මොකද්ද උනේ ලව්... මොකක් උනත් අපි දෙන්නා ඒක විසද ගමු හොදද.. dont be panic.. මං ඉන්නවානෙ ඔයා එක්ක...අපි ඒක මොක....."

SWEET TOOTH (ONGOING Slow Updates )Onde as histórias ganham vida. Descobre agora