15 💜

65 13 13
                                    

කතා කරන්න කියලා එලියට ගියපු අසල්වාසියො දෙන්නා ඊට විනාඩි දහයකට විතර පස්සෙ ජූන්ගෙ ලැබ් එකට ගියා ගියාමයි දැං පැයකටත් වඩා ගෙවිලා තිබුනත් එලියට එන පාටක් තිබුනෙ නෑ. මේ වෙද්දි ජින් එයාගෙ රස පාට වෑහෙන සුවද පිරුන ඒ වගේම ආදරෙත් හුගක් දාලා ජංකුකීගෙත් උදව්වෙන් හදපු රසම රස ඩිනර් එක එයාලගෙ ඩයිනින් ටේබල් එක උඩ ලස්සනට හිනා වෙවී හිටියා.

" අහ් හ්‍යෝන්..... මට බඩගිනි..." ටේහ්‍යුන් එයාගෙ සුපුරුදු බඩගිනි කුරු කුරුව ලාවට පටන් අරං තිබ්බේ.

"හ්‍යෝන්...මත බදගිනි......" ඔහ් ජිනී ට තව මල්ලි කෙනෙක් ඉදලනෙ.

" මිනී......ඔයාගෙ ඩැඩා ආවම තමා අපිට කන්න වෙන්නෙ. ඒත් ඔයාගෙ ඩඩා එයාගෙ මී ගුලෙන් කීයට එලියට එයිද කියලා නං මට කියන්න බෑ...."

" හා හා කවුරුත් කරදර වෙන්න ඕනෙ නැ.. ඔන්න අපි ආවා.. එන්න යුන්ගියා අපි කමු."

" යුන්ගියා..............!!! ඔයාලා දෙන්නා කොයිවෙලේද යාලුවො උනේ...?" ටේහ්‍යුන්ට දැං තිබුනෙ ඒ ප්‍රශ්නෙ විතරයි.

" ලොකු මිනිස්සුන්ගෙ කතා පොඩි උන්ට වැඩක් නෑ. " වාව්...!!  මින් යුන්ගිගෙන් හයේ පාර මේ සැරේ ටේහ්‍යුන්ට.

" යා..යා...මිස්ට මින්... මම පොඩි එකෙක් නෙමෙ ඕකෙ... මට දැං 30ටත් ලගයි." ටේහ්‍යුන්ට ඇත්තටම අද රෑ මුලු වෙලේම හරිම වෙනස්කම් උනේ. හැබැයි මේ ඔක්කොම එක්කෙනෙක් නං හරි ලස්සනට විදින ගමන් හිටියෙ. අපි එයා ගැන වෙනම කතා කරමුකො.

" හරි හරි. එන්න හැමෝම කමු දැං....". ජින් මැදිහත්කාරක සුරංගනාව වෙලා හැමදේම සමතයකට පත් කරේ නැත්තං අද ඩිනර් එක ගන්න වෙන්නෙ හෙට උදේට කියලා තේරුම් අරං.

ඉතින් හැමෝම ඩයිනින් ටේබල් එකේ වාඩි වෙලා හිටියෙ. මේසෙ ඉස්සරහම පුටුවෙ නම්ජූන් වාඩි වෙලා හිටියා වගේම එයාට දකුනු පැත්තෙ ජින් සහ ජින්ට එහා පැත්තෙ ජන්කුකී හිටියා. මේසෙ අනික් කෙලවරේ පුටුවෙ යුන්ගි හෙන පන්ඩිත කමෙන් වාඩි වෙලා හිටියා. (මම නෙමෙ එහෙම කිව්වෙ ටේහ්‍යුන්) යුන්ගිට දකුනු පැත්තෙ හෝසොක් සහ හෝසොක්ට එහාපැත්තෙ හිටියෙ ටේහ්‍යුන්. ජින්ගෙත් ජන්කුකීගෙත් මැද හරිම උස පුටුවක වාඩි වෙලා කකුල් දෙකත් පද්ද පද්ද මේ ගෙදර අයිතිකාරයා වෙච්ච කිම් ජිමින් වාඩි වෙලා හිටියා.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now