9 💜

135 24 16
                                    

මාර්ක්ගේ බර්ත්ඩේ පාර්ටී එකට යන්න නම්ජූන්ව කැමති කරගන්න ජින්ට හෙන විසාල කට්ටක් කන්න උනා. නම්ජූන් හිතුවක්කාර පොඩි කොල්ලෙක් වගේ එකහෙළාම බෑ කියල කිව්ව හින්දා ජින්ට සිද්ද උනා මේ දවස් ටිකේම නම්ජූන් ආසම කෑම හදලා දෙන්න වගේම, ජූන් ඉල්ලන හැමවෙලාවකම හාදුවක් දීලා එයාව ශේප් එකේ තියාගන්න උනා. ඒවගේම එයා මේ ටිකේ කිම් ඩඩාටයි කිම් බබාටයි කෑගැහුවෙත් නෑ. ඇත්තටම ඔයාලා කිම් ගෙදර එක පැයක් හිටියා නං හිතයි මොන්ටිසෝරියකට ගියා නං මීට වඩා හොදයි කියල.

ඔහ් මම ඔයාලට කිව්වද අපෙ චූටි කිම් දැං කතාකරනවා කියල. එයාගෙ වර්දන වේගය සාමාන්‍ය බබාලට වඩා වැඩි හින්දා ඉතින් එයා දැං ටික ටික කතා කරන්නත් පුලුවන් බබෙක් වෙලා ඉන්නෙ. ඉම් පේරන්ට්ස්ලට තාම හිතාගන්න බැරිව ඉන්නෙ මිනී ඇත්තටම අප්පගෙ පැත්තෙද ඩඩාගෙ පැත්තෙද කියල. එයා වාසියට පැත්ත මාරු කරා කිව්වොත් තමා හරියටම හරි. ඒත් එයා නොවෙනස්ව ටේටේගෙ පැත්තෙ හිටියා හැමවෙලේම.

" යාහ් ජූන්..මිනී එක්ක ඔතන නටන්නෙපා. අයන් කරලා තියෙන ඇදුම් පොඩි වෙනවනෙ.."

" ජූන් ඉක්මනට මිනී එක්ක වොශ් දාගෙන එන්නකො අනේ.. වී ආ ලේට්.."

" ජූන් ටේහ්‍යුන් කොහෙද බලන්න..."

" ජංගුවා...ටේහ්‍යුන් ඔයා එක්ක යන්න එනවා කිව්වා නේද.."

" ජිනී මගෙ ටයි එක කෝ..."

" ජිනී එක මේස් එකයි තියෙන්නෙ මිනීගෙ. "

" ජිනී මිනීගෙ ෆීඩින් බොට්ල් එක කෝ.."

" හ්‍යෝන් ටේහ්‍යුන් හ්‍යුන් ෆෝන් එක ගන්නෙ නෑනෙ.."

" මිනී දුවන්නෙපා ළමයෝ..වැටෙයි.."

"දිනී...මිනීට චුච්චු ඕනෙ....මිනීට හන්ග්‍රී.."

" දිනී යොන්තෑන් මදෙ නැත්ත හපන්න එනවා.."

" ඩැඩා වඩා...........මිනීව වඩා......"

පාර්ටී එකට යන ඉරිදා හවස ඉතින් ඔන්න ඔහොමයි කිම් ගෙදර තත්වය. මේ වෙනකොටත් ටේහ්‍යුන් ගෙදර ඇවිල්ලා හිටපු නැති එක ජින්ට මේ හැමදේටම වඩා හිසරදේ හැදෙව්වා. එයාට කිසිම ඌමනාවක් තිබුනෙ නැත්ත මේ පාර්ටී එකට යන්න ඒත් එයාට මාර්ක්ගෙ ඉන්විටේශන් එක අහක දාන්න බැරි උනා. මාර්ක් කියන්නෙ හොද දරුවෙක් කියල ජින් මේ වෙද්දි තේරුම් අරන් තිබුනේ. ඒත් එදා මිනිස්ටර්ගෙ මෑන්ශන් එකේදි දැකපු පුද්ගලයා ගැන තාම ජින්ගෙ හිතේ ප්‍රශ්න මතු වෙලා තිබුණත් එයා ඒක කවුරුත් එක්ක කියන්න වත් ගියේ නෑ. එදායින් පස්සෙ එයා ජිමින්ව තවත් පරිස්සමෙන් බලාගන්න එයාටම පොරොන්දු උනා උනත් හිත ඇතුලෙන් ජින්ට අමුතු බයක් දැනෙන්න පටන් අරන් තිබුනෙ.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now