1 💜️

307 43 25
                                    

" මං ආවා හ්‍යෝන්.......ටේටේ ආවා..."

කියාගෙනම කෑගහගෙන ගේ ඇතුලට ආපු ටේහ්‍යුන් එයාගෙ හ්‍යුන්ව හොයන්න උනා. සෝල් වල ප්‍රසිද්ද මෝස්තර නිරූපන ශිල්පියෙක් උන ටේහ්‍යුන් හැමදාම ගෙදර ආවෙ නෑ. ඒ වගේම එයා දැං එයාගෙ හ්‍යුන්ව ගේ පෙරලලා හෙව්වත් එයා දන්නවා එයාගෙ හ්‍යුන්ට ඇහෙන්නෙ නෑ වගේම එයාගෙ හ්‍යුන් මේ වෙලාවෙ එයාගෙ හස්බන්ඩ් එක්ක ඉන්නෙ ඒ දෙන්නගෙ පරීක්ශනාගාරයේ කියල.

"මිස්ටර් කිම් සොක්ජින් සහ මිස්ටර් කිම් නම්ජූන් වෙත කරන දැනුම් දීමයි. මිස්ටර් කිම් ටේහ්‍යුන් සති දෙකක නිවාඩුවකට මේ දැං ගෙදර ආවා. කරුනාකරලා ඔයාලගෙ මී ගුලෙන් එලියට එන්න. මොකද මට බඩගිනි."

කියල එයාගෙ බයෝලොජිකල් හ්‍යුන් වෙච්ච කිම් නම්ජුන්ට වොයිස් මැසේජ් එකක් දාපු ටේහ්‍යුන් වොශ් එකක් දාලා නිදාගන්න හිතාගෙන එයාගෙ කාමරේට යන්න ගියේ තව පැය ගානකට අනික් කිම්ලා දෙන්නාව දකින්න නොලැබෙන බව අත්දැකීමෙන් දන්න නිසා.

හොද නින්දකට පස්සෙ ටේහ්‍යුන් ට ඇහරුනේ නහයට දැනුන හොද සුවදක් නිසා එයාගෙ බඩගින්න හොදටම වැඩි උන නිසයි. දඩිබිඩියේ ඇදෙන් බිමට පැන්න නිසා ටේහ්‍යුන් තවඩිංගෙන් බෙඩ්ශීට් එක පැටලිලා බිමට සමතලා වෙන්නත් ගියා. කොහෙද කලබලේනේ... කොච්චර ප්‍රසිද්ද මොඩ්ලර් කෙනෙක් උනත් ටේහ්‍යුන් ගෙ කෑමට ඇති රුචිය ටේහ්‍යුන් ගෙ වැදගත්කම ලෙල්ලටම අතුගාලා දැම්මා.

සුවද දිගේම ඉව අල්ලගෙන පහලට දුවපු ටේහ්‍යුන් නතර උනේ කෑම මේසෙ වාඩි වෙලා පත්තරයක් බල බල ඉන්න නම්ජූන්ව දැක්කමයි.

" ආ ටේ.. එන්න වාඩිවෙන්න. ඔන්න ජිනී ඔයා ආපු නිසාම ස්පෙශල් උයනවා අද. "

"ම්ම්ම් සුවදට තමයි ඇහැරුනේ." ඔලුවත් කස කස ටේහ්‍යුන් උත්තර දීගෙනම කෑම මේසෙන් වාඩි උනා.

"ඒකනෙමෙ මට සේජින් කිව්වා ඔයා කයිලි එක්ක තිබ්බ එෆෙයා එකත් නතර කරලා කියල. ඇත්තටම ඔයාට මොකද වෙලා තියෙන්නෙ දරුවෝ..?"
නම්ජූන් ටිකක් තදින් ඇහුවා.

"හ්‍යුන් ඒක මේ ඒක........"

"ආපු ගමන් මගෙ කොල්ලව කන්න හදන්න එපා ජූන්. එයාට ඒකට හොද හේතුවක් ඇති. අනික ඔයා උනත් මාව හම්බෙන්න කලින් කීදෙනෙක් ඩේට් කරාද. ටේ බෙයා ඉතින් ඔයාගෙම මල්ලි නේ. නේද මගෙ පැටියෝ.."

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now