13 💜️

149 21 28
                                    

" හ්‍යෝන් ඔයා කොහොමද අර පිස්සු අශ්වයෙක් වගෙ මනුස්සයව අදුරන්නෙ...? "
ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කර කර හිටපු ටේහ්‍යුන් ඇහුවෙ නම්ජූන්ගෙන්. ඇත්තටම එයාලට ටිකක් දුර ඩ්‍රයිව් කරගෙන යන්න තිබුනා ගෙදරට වෙනකන්.

ජන්කුකී ඉස්සරහ පැසෙන්ජර් ශීට් එකේ නිදාගෙන හිටියා. පිටිපස්සෙ හිටපු ජින් නම්ජූන්ගෙ අතකට ඔලුව තියාගෙන ජිමින්ව තුරුල් කරන් හිටියේ. ඇත්තටම එයා ලොකු කල්පනාවක ගිලිලා හිටියේ. චූටි කිම් නම් මේ කිසි දෙයක් තබ සත දොයිතුවකට මායිම් නොකර හොදට කෙල චුට්ටකුත් පෙරාගෙන නිදාගෙන හිටියේ. එයාට අද හොදටම මහන්සි අලුත් දේවල් හොයාගෙන ඇවිදලා සහ එව්වා කටේදාගෙන.

" හහ්හහ්...හෝසොකා ද...අපිත් ඒ කාලෙ ආදරේට කිව්වෙ අශ්වයා කියල. හෝසොකයි මායි එකම ප්‍රයිමරි ස්කුඉල් එකේ හිටියෙ.  අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා ටේහ්‍යුන්. ඔයාට මතක නැතුව ඇති ඒ උනාට. මොකද එයාලා අපි චූටි කාලෙම ජැපෑන් ගියා. ජින් උනත් එයාව නොදන්නේ ඒකයි. එයා අද රෑට ආවහම අපි අදුරගම්මුකො. මට විස්වාසයි ඔයාලා එයාට ගොඩක් කැමති වෙයි කියල. " කියල කියපු නම්ජූන් ජින්ගෙ ඔලුවෙන් හාදුවක් තිබ්බා.

" මං නං ඔය වල් අස්සයට කැමති නෑ....හහ්..." ජනේලෙන් අහක බලාගෙන ජින් කිව්වා.

" ඒකනමෙ හ්‍යොන්.. ජිමින් හැට් එක ගලවපු එක කවුරු හරි තව දැකලා නං අපි සෙත්තපෝච්චි. මේ පන්ඩිත කිම් ටත් ඒක ඒ වෙලේම ගලවලා විසිකරන්න ඕන උනා නෙ. යාශ්......ඒක මතක් වෙද්දි මාව වෙව්ලනව වගේ.. අප්පලා වගේම නැතෑ පන්ඩිත කිම්ලා..." ටේහ්‍යුන් අන්තිම ටික හෙමීට එයාටම කියාගත්තෙ උනාට ඒක ජින්ට ඇහුනා. ඇත්තටම ටේහ්‍යුන්ට අමතක උනා මං හිතන්නෙ ජින්ට පූසෙක්ටත් වඩා හොදට කන් ඇහෙනවා කියල.

" යා.....ඔලමොට්ටල කිම් ටේහ්‍යුන්... තමුනුත් කිම් කෙනෙක් තමයි."

" අහ් මියානෙ.. අමතක උනා.."

කතාවෙන් කතාව ගෙදරටම ආපු කට්ටිය රෑ පාර්ටි එකට ලෑස්ති වෙන්න ඕනෙ නිසා ඉක්මනට චේන්ජ් කරගන්න හිතුවා.

" ටේටේ පැටියෝ...ජන්කුකීව ගෙදරට ඇරලලා එන්න පුලුවන් ද ඔයාට.." ජින් ඇත්තටම හැමෝම ගැනම හොයලා බලන හොද ලොකු අම්මෙක් වගේ හ්‍යුන් කෙනෙක්.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now