5 💜️

152 37 37
                                    

ලෝක යුද්දයක් වගේ උන තවත් දවස් කීපයකට පස්සෙ, මෙච්චර කල් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නැහැයි කියල හිතාගෙන හිටපු කිම්ලා තුන්දෙනා තුන්පැත්තකට වැටිලා කල්පනා කර කර හිටියෙ එයාලට මේ මොකද්ද උනේ කියල. ඒ වගේම පපා කිම්ගෙ රස්නෙට ගුලිවෙලා හතරවෙනි චූටි කිමුත් නිදාගෙන හිටියා.

ඇත්තටම ඒගොල්ලො මේ මෙහෙම පොඩි විවේකයක් අරගෙන ඉන්නෙ දරුනු යුද ගැටුම් පැය ගණනාවකට පස්සෙ එයාලගෙ මිනී අන්තිමට නිදාගන්න එකග උන නිසයි.

කිම් ජිමින් මේ ලෝකෙට ඇවිල්ලා යන්තමට මාසයක් ගත වෙලා තිබුණත් එයා දැං මේ ගෙදර ලොකුම මනුස්සයා වගේ තමා වැඩ කරේ. ඇත්තටම එයා කරේ එයාට මොනවා හරි ඕනෙ නං එයාගෙ එකම ආයුදේ පාවිච්චියට අරං මහ හයියෙන් කෑ ගහලා අඩන්න ගත්තු එක. මෙ  ගෙවුන දවස් ගානට එයා දැනගෙන හිටියා එයා ඇඩුවොත් ඕන දෙයක් එයාට හම්බෙනවා කියල.

එයාට බඩගිනි උනාම එයා ඇඩුවා, එතකොට එයාගෙ ජිනී පපා රසම රස කිරි බෝතලයක් එයාට දුන්නා. ඒක හැදුවෙ එයාගෙ ජූනී ඩැඩා කියල එයා දැනගෙන හිටියේ. එයාට පී උනාම හරි පූ උනාම හරි එයා මහ හයියෙන් ඇඩුවා එතකොටත් එයාගෙ පපා ඉක්මනට එයාගෙ නැපි එක මාරු කරා. එතකොට එයාට හුරතල් වෙන්න ඕන උනාම එයා එයාගෙ ටේටේ සම්චොන් එයාව වඩාගන්නකන්ම අත පය විසිකර කර අඩන්න පුරුදු වෙලා හිටියා. එයාට අලුත් සෙල්ලම් බඩුවක් ඕනෙ නම් එයා එයාගෙ පරන සෙල්ලම්බඩුව විසි කරලා දාලා ඇඩුවා, එතකොට එයාට අලුත් ප්ලශී එකක් හම්බුනා. එයාට නිදිමත උනාම එයා ඇඩුවා, එතකොට එයාගෙ පපා හරි ඩැඩා හරි සම්චොන් හරි එයාව වඩාගෙන නින්ද යනකන්ම සිංදු කිව්වා. එයා වැඩිපුර ආස උනේ ඩැඩා එක්ක නිදාගන්නයි. ඩැඩා එයාට සිංදු කියද්දි එයාගෙ නැට්ට ඩැඩාගෙ අතේ ඔතාගෙන නින්දට වැටෙන්නයි එයා හුගක්ම ආස උනේ.

නරකම දේ උනේ දවසක් එයාට තවදුරටත් ඩැඩාගෙ ලැබ් එකේ ඉන්න බෑ කියල හිතුන එක. එයා එදා නවත්තන්නෙ නැතුවම ඇඩුවා. ජිනී පපා දුන්න රස කිරි එක එපා කිව්වා. සෙල්ලම්බඩු එපා කිව්වා. ඩැඩා එක්ක දොයියන්න බෑ කිව්වා. ටේටේ එක්ක සෙල්ලන් කරන්න බෑ කිව්වා. එයා දිගටම ඇඩුවා. අන්තිමට ජිනී පපා එයාව එයා ආසම නැති වීදුරු පෙට්ටියෙන් එලියට අරගෙන ඩැඩාගෙ ලැබ් එකෙන් එලියට එක්කන් යනකන්ම එයා ඇඩුවා. ආයෙම එයාව ඇතුලට එක්කන් එන්න හදද්දි ආයෙත් ඇඩුවා. ඉතින් ඊටපස්සෙ එයාගෙ පපා තීරනේ කරා එයාව ලැබ් එකෙන් එලියෙ තියාගමු කියල. අන්න එතකොට තමා එයාට තේරුනේ අඩන එකෙන් කොච්චර දේවල් කරගන්න පුලුවන් ද කියල. ඉතින් එදා ඉදන් එයා හිටියේ පපාගෙයි ඩැඩාගෙයි ලස්සනම බෙඩ් රූම් එකේ.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now