6 💜️

146 34 23
                                    

චූටි ජිමින් ඉපදිලා මාස 4ක් ගතවෙලා තිබුනා.  ඇත්තටම එයා දැං ඇවිදින්න පුලුවන් ලොකු බබෙක්. ඒ වගේම හරිම දග කොල්ලෙක්. ඇත්තටම එයා දග කරන්න පටන් ගත්තේ එයා බඩගාන්න පටන් ගත්ත කාලෙ ඉදන්මයි. එයාට ඔලුව උස්සගෙන බඩගාන්න පුලුවන් උන දවසේ ඉදන්ම එයා කරේ එයාගෙ පපාගෙ ලස්සන ගෙදර පුරාම පනු පැටියෙක් වගේ බඩගාපු එක. ඇත්තටම කිව්වොත් එයා නිදාගත්ත වෙලාවට නින්දෙනුත් බඩගෑවා කියල ටේහ්‍යුන් කිව්වා.ඒ වගේම ජීනී පපා හැමවෙලේම විශබීජනාශක වලින් බිම පිහන්න කාර්‍යබහුල වෙලාත් හිටියා. ඊටපස්සෙ එයා දන ගාන්න ගත්තා. එතකොට තමා එයාලට චූටි කිම්ගෙ අතට අහුවෙන මානෙට් තිබ්බ හැමදේම එයාට ගන්න බැරි වෙන්න උඩකින් තියලා බිම සහ මුලින්ම සුද්ද කරලා දාන්න උනේ. මොකද ඩැඩාගෙ පුරුදු චූටියටත් අඩු නැතුව පිහිටලා තිබුනා. ඇල්ලුවොත් ඉවරයි.

ඇත්තටම නරකම දේවල් උනේ ජිමිනි ඇවිදින්න පටන් ගත්තම. එයා වයින් කරපු නරි පැටියෙක් වගේ ගේ හැමතැනම දුවන්න පටන් ගත්තා කියල ටේහ්‍යුන් හරිම දුකෙන් කිව්වා. ඒ වගේම එයා අමුතු පිටසක්වල භාශාවකින් කතා කරන්න පටන් ගත්තලු. එව්වා නං ටේහ්‍යුන්ට ටිකක් තේරුනාලු හැබැයි. කිම්ලට ලොකුම ප්‍ර්ශ්නෙ ආවෙ ජිමින් ඇවිදින්න පටන් ගත්තම. එයා එයාගෙ අතට අහුවෙන හැමදේම කටේ දාගන්න පුරුදු වෙලා හිටියා. එයා දවසක් යොන්ටෑන්ගෙ බූල් නැට්ටත් කටේ දාගෙන හැපුවලු. පව් අසරන යොන්ටෑන්. දවසක් ජිමිනි ටේහ්‍යුන්ගෙ ඉයර් බඩ් එකක් ගිලින්න හදලා තිබුනා. ඒ විතරක් නෙමෙ එයා එක එක තැන්වල ඔලුව හප්ප ගන්න එක සහ එක එක තැන් වලින් බිමට වැටෙන එකත් පුරුද්දක් කරන් තිබුනා. ඉතින් මේ හින්දා කිම් ගෙදර පහල තට්ටුව හිස් උනා විතරක් නෙමේ. මුලු වලට සෙලෝටේප් අලවලා කවර් කරලත් තිබුනා. ඇත්තටම ජිමින්ට හිටියේ ඕවර් ප්‍රොටෙක්ට් පේරන්ට්ස්ලා සහ සම්චොන් කෙනෙක්.

ඒ අතරෙම හැමෝම ජිමිනිට මුල් තැන දීලා සුපුරුදු විදිහටම තම තමන්ගෙ වැඩත් කරගෙන යන්න පටන් ගත්තා. නම්ජූන් පුරුදු විදිහටම යුනිවර්සිටි එකේ උගන්නන්න යන ගමන් එයාගෙ රිසර්ච් වැඩත් කරගෙන ගියා. ජින් පුලුවන් හැම වෙලාවෙම එයාගෙ ක්ලිනික් එකට ගියා උනත් එයා නිතරම හිටියේ ගෙදර ජිමින් එක්ක. එතකොට ජිමිනිගෙ ටේටේ සම්චොන් කොරියාවෙන් පිට වැඩ බාරගන්න එක නතර කරලා තිබුනා. මොකද එයාට ටුවර් යනවට වඩා ලොකුයි නෙ හවසට එයාගෙ නරි පැටියා එක්ක හුරතල් වෙන එක.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now