14 💜

80 11 54
                                    


" ඕහ් එන්න ජංකුකා...එන්න ඇතුලට......... ඕ කවුද බලන්නකො මේ ඇවිත් ඉන්නෙ...........ජූනී..........එන්නකෝ.........."

ජන්කුකී, යුන්ගිත් එක්කම ජින්ගෙ ගෙදරට යනකොට ටිකක් රෑ වෙලා තිබුනා. ඇත්තටම ජන්කුකීට පොඩ්ඩක් ලෑස්ති වෙන්න වෙලා ගියා. ඒකයි උනේ. ඉතින් යුන්ගිත් එක්ක ගිහාම එයාලව පිලිගත්ත ජින්, යුන්ගි දැක්කම ජන්කුකීව හග් කරගෙනම ජූන්ට කතාකරා.

" හලෝ මම මින් යුන්ගි. ජන්කුකීගෙ අයියා. "
හැමදාම එදිනෙදා දැකලා තිබුණට මේ තමා එයාලා එකට මුන ගැහුන මුල්ම වතාව.

" ඔහ් කමෝන් යුන්ගියා.... අපි අසල්වැසියොනෙ.... "
කියපු ජින් ජන්කුකීව අත අරින්නෙ නැතුවම යුන්ගියගෙ පිටට පාරක් ගැහුවා. අසරන යුන්ගියා. ගුටිත් කන්න උනා රෑ කෑමට අමතරව.

" හලෝ යුන්ගි. මම කිම් නම්ජූන්. ජින්ගෙ හස්බන්ඩ්."
කියලා හිනාවකින් පිරුන මූනක් එක්ක ඉස්සරහට ආපු නම්ජුන්ට ලාවට අතට අත දුන්න යුන්ගි එයාව ගනං නොගෙනම ගේ ඇතුලට ගියේ නම්ජුන්ගෙ මූන ඇදේට හදපු කොරහක් වගේ ඇද වෙද්දි.

" හ්‍යෝන්.....ගනං ගන්නෙපා අනේ..ඒ අපෙ හ්‍යොන්ගෙ හැටි. එයා වැඩිය කතා කරන මනුස්සයෙක් නෙමේ. "
කියපු ජන්කුක්,ජූන් ගෙ උරහිසට තට්ටුවක් දැම්මෙ අඩුම එයාවත් ජූන්ව පොඩ්ඩක් ගනං ගන්න ඕනෙ නෙ හිතලයි.

" කුකී එන්නකො අපි කුස්සියට යමු. ජූන් ඔයා ජිමින් ගැන පොඩ්ඩක් ඇහැ ගහන් ඉන්න හොදද..."
කියපු ජින් ආයෙම කුකීගෙ අතෙන් අල්ලන් එයා එක්ක කුස්සියට යන්න ගියා.

"පොඩ්ඩක් ඉන්න ජිමින් කෝ......"
ඇත්තටම එතකොට තමයි ඩඩා කිම්ට මතක් උනේ එයාගෙ දරුවා ගැන.

හැබැයි මේ වෙලාවෙ ජින්ගෙ සාලෙ පැත්තට පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා නං ඇත්තටම ඔයාලට බලාගන්න තිබුනා, මූන කුණ්ඩ හට්ටියක් වගේ කර ගත්ත කොරියාවෙ ප්‍රසිද්ද මොඩල් කෙනෙක් සෝෆා එකේ මුල්ලක් අල්ලගෙන වාඩි වෙලා ඉන්න විදිහ වගේම අදම මුන ගැහුන හෝසොක් එක්ක ජිමින් කියලා අපි කියන පුංචි යක්ස පැටියා උඩ පැන පැන සෙල්ලන් කරන හැටි සහ මෙලෝ වගක් නැතුව කල්පනාවක ගිලිලා ඒගොල්ලො දිහා බලන් ඉන්න මින් යුන්ගිත්.

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now