2 💜️

171 36 26
                                    

ටේහ්‍යුන් සති දෙකක නිවාඩුවකට ආපු හින්දා ජින් තීරනේ කරා එයාගෙ සත්ත්ව සායනයට හදිසි අවශ්‍යතාවක් උනොත් විතරක් යන්න. මොකද එයා නොහිටියට එයාගෙ සායනයේ වැඩ ටික ජංකුකී හරි ලස්සනට කරගෙන යනවා කියල ජින් දැනගෙන හිටියා.

ජංකුකී හිටියෙ ජින්ගෙ අල්ලපු ගෙදර වීමත් ජින්ට ඇත්තටම ලොකු සහනයක් උනා. ජොන් ජන්කූක් ජීවිත් උනේ එයාගෙ සහෝදරයා උන මින් යුන්ගි එක්ක නම්ජින් හවුස් එකට අල්ලපු වත්තෙ තිබුන හුරුබුහුටි උනත් ටිකක් අපිලිවෙල උන ගෙදරක. ජොන් ජංකුක්, මින් යුන්ගිගෙ සුලු සහෝදරයා කියල තමයි එයාලා මුලින්ම ආපු දවසෙ හවස ජින් විසින් එයාලට දුන්න ටී පාර්ටී එකේදි යුන්ගි කිව්වෙ. කොහොම නමුත් ඒ වෙනකොට යුනිවර්සිටි එකේ ෆයිනල් ඉයර් හිටපු ජංකුකීට කිසිම ප්‍රශ්නයක් නැතුව ජින් හ්‍යුන්ගෙ සායනයේ රස්සාව හම්බුනා. යුන්ගි ජීවත් වෙන්න මොනවද කරන්නෙ කියන එක ගැන නං ලොකු පැහැදීමක් ජින්ට නොතිබුණත් කුමක් හෝ දෙයක් එයත් කරනවා කියල ජින් දැනගත්තෙ උදේම ගෙදරින් එලියට යන මනුස්සය ආයෙම රෑ වෙලා ගෙදර එන හින්දයි.

මේ ටිකේ නම්ජූන් උනත් ලොකු වැඩකට ඔලුව දාගෙන හිටපු නිසා ජින්ට හම්බෙන අවදානය ටිකක් අඩුවෙලා තිබුන එකට එයා තරහෙන් හිටියත් ටේහ්‍යුන් ආපු නිසා එයා ඒක ඇත්තටම අමතක කරලා දැම්මා. එයා ඇත්තටම මේ සති දෙක එයාගෙ හුරතලා එක්ක උපරිම සතුටු වෙන්න හිතාගෙනයි ඉන්නෙ.

උදේ බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් එයාලගෙ දවස ප්ලෑන් කරපු ටේජින් දෙන්නා, බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සෙ බ්‍රවුනීස් හදන්න පටන් ගත්තේ නම්ජූන්ගෙ කැමතිම කෑම බ්‍රවුනීස් නිසයි. හැබැයි ඊයෙන් පස්සෙ ඒ දෙන්නම තාම නම්ජූන්ව දැකලා තිබුනෙ නැත්තෙ නම්ජූන් තාම එයාගෙ ලැබ් එකෙන් එලියට ආපු නැති හින්දා උනත් ඒක හරිම සාමාන්‍ය දෙයක් උනා.
දවල් වෙද්දි ශොපින් යන්න ලෑස්ති උන ටේජින් දෙන්නා නම්ජූන්ට නෝට් එකක් ෆ්‍රිජ් එකේ අලවලාම එලියට බැස්සේ නැත්තන් නම්ජූන් මේ දෙන්නා නැති වෙලා කියලා ආයෙම පාරක් පොලිසියට කෝල් කරයි කියල හිතලයි.

" ලුවී එකෙත් අලුත් කලෙක්ශන් එකක් දාලා තිබ්බා බෙයා.. අපි ලුවී එකට ගිහිල්ලා ගුචී පැත්තේ යමුද..? ලාකෝස්ටේ එකටත් යන්න ඕනෙ. "

SWEET TOOTH (ONGOING Slow Updates )Where stories live. Discover now