සයාශ් .............

චූටි........

මං හිතන්නෙ මට වාහනෙන් බහිනකන් වත් සිහි තිබුන් නෑ....වාහනෙන් බහිනකන් වත් සිහි තිබුන් නෑ..........මං ගේට්ටුව පහු කරන් ඇතුලට දිව්වෙම සයාශ් සයාශ් ගාන් කෑ ගහගන වෙනකොට එයා ඉදගන උන්නා...හැබැයි තවත් කෙනෙක් එක්ක.....රැවුල වවාපු කන්නාඩි දාපු මනුස්සයෙක් එක්ක....මෙතනදි එටා ගාව පුටින් ඉදන් උන්නත්.......දකුනු කොරියානු ජනාධි පති ඉදන් උන්නත් කොටින්ම මගෙ එකා ඉන්නෙ හිට්ලර් ගාව උනත් මට ඒ එකකින් වත්වැඩක් තිබුන් නෑ මං යන යාමටම එයාව ගිහින් තුරුලු කර ගත්තා........

සයාශ් .......

නි...රූ....

සයාශ් මට කියන්න....ඔක්කොටම කලියෙන් මට කියපන්....උඹට කොහොමද....මොකක්ද උනේ කියලා ...ආ සයාශ් ..කියපන්කො....උඹට එක පාරම අසනීප වෙන්න තරම් මොනවද උනේ....මොකාද කතා කෙරුවෙ...මොකාද හම්බෙන්න ආවෙ....මොකෙක් හරි ආවද....අම්මා....ටානියා...නැත්තන් ටානියගෙ ගෙදර එවුන්......මට කියපන් මොකෙක් ඇවිත්ද උඹගෙ ඔලුවට විස පුරවලා උඹව අසනීප කෙරුවෙ....කියපන්......

මං එයාව හෙලෙව්වා....උරහිස් දෙක ගැලවිලා අතට එයිදෝ කියලත් හිතුනා..........කෙට්‍ටුවට උන්න සයාශ් වේලිලා ගියපු පරඩැලක් වගේ මගෙ දිහාව බලාගන බලාගන ඉදලා මොකුත්ම නොකියම එකපාරම මට තුරුලු උනා........

අන් හොදින්....නිරූ........මන්...හොදින්.......උඹ ආව නිසා..මං හුගක් හොදින්...............

මේක කාපන්..............ඇයි කියපන් උඹට කන්න බොන්න ඔතලා ඒවලත් නොකා උන්නෙ......කෝ.....ආ ගාපන්........

මගෙ ලේ පුච්චනවා උඹ......

කොයි වෙලෙ හරි මට ඉන්ඩ වෙන්නෙ පුස්සන් කොටුවක ඇදක් උඩ ......

උඹලා හදන්නෙ මාව මරා ගන්ඩ.......එහෙන් අර මනුස්සයා....නෑ....උඹට කිව්වා කියලා තේරුමක් නෑ........කට ඇරපන් කදුලු පුරවන් බලන් ඉන්නෙ නැතුව....වචනයක් කිව්වොත් අඩනවා...දන්නෙ අඩන්න විතරයි...මගෙ පපුවෙ බිත්තර තම්බන්ඩ පුලුවන් ....... .ඩන්නෙ නැතුව ආ ගාපන් ...උඹවත් ඇහැරවන්නෙ නැතුව පාන්දර නැගිටන් උයන්නෙ මට කැසිල්ල හින්දනෙ. .

මං කොච්චර ඇහුවත් එයා නෙවෙ මට උත්තර දුන්නෙ ඒ වෙනුවට කෙරුවෙ තුරුලු වෙලා උන්න එක විතරක් වෙනකොට එතන උන්න කෙනෙක් මෙයා උදේ ආව වෙලේ ඉදන් මොකුත් කාලා නෑ කියලා කිව්වා විතරයි මම එතන ඉදන් මේ වෙනකම්ම කෙරුවෙ එයාට බනින එක......ඇත්තටම බැන්නා කියන්නෙ...මට බය හිතුනා මට ඇඩේවි කියලා.....නොකියා....නොකියා....උන්නට.....චූටි උඹ මං නැතුව කොහෙවත් යන්න එපා.....මං ඇරෙන්න වෙන ලා එක්ක වත් යන්න එපා ගගා පරිස්සම් කරන්න එකම හේතුව සැරින් සැරේම එන අම්මගෙ ප්‍රෙශර් එක හින්දා වෙනකොට මට බය හිතුනා මට අඩන්න හිතුනා......

D€VOT€D TO ¥OU🖤(✅✔️)Место, где живут истории. Откройте их для себя