53 වන කොටස....

3K 741 295
                                    

චූටි....මේ කිරි එක බීලා යමන්.....

එපා ලොකු නැන්දෙ බඩ කැලතෙයි...

ලොකූ දැන් උඹටත් එපාද... යකො මේක හරි මගුලක් උනානෙ...දෙයියන්ගෙ නාමෙට උඹලා දෙන්නා මාව තවත් කෑ ගස්සන්ඩ එපා..ආ.....චූටියා මෙහෙට වර බීපිය මේක....දැන් කවද ඉදන්ද ..පව් පව් කියලා කට වහන් ඉන්නකොට මුන් එන්ඩ එන්ඩම මුරන්ඩු වෙනවා.....

අනේ ඉර පායන්ඩත් කලින් කෑ ගහන්ඩ එපා අම්මා...උන් දෙන්නට එපා හන්දනෙ එපා කියන්නෙ....ඇරත් කොච්චර දුර යන්ඩ තියනවද මගින් නවත්තපුවාම මොනවා හරි අරන් දෙන්නම් අප්පිරියාවෙන් බීලා චූටි අසනීප උනොත් ඒකත් විදවන්නෙ ඌ මනෙ....

ඔව් උඹලට දෙයක් කිව්වම ඒකට අනිත් අතට කියන්ඩ උත්තර  නම් දාහක් තියනවා   තොපිට කොච්චර කෙරුවත් වැඩක් නෑ...තොපිට මං කොච්චර නැහුනත් වැඩක් නෑ....ඕන එකක් හිටපියව් මමත් උයන්නෙ නෑ..

සුධර්මා ඔය ඇති දැන් ......උදෙම්ම කෑ ගහලා හිත් නරක් කරගන්න එපා...

මං උන්නෙ කන්නාඩිය ගාව.....රෑටත් බත් ඇටයක් වත් නොකාපු මං මුලු රෑ එලිවෙනකම්ම කෙරුවෙ කල්පනා කරපු එක........ඇස් පියා ගන්න බයයි..... ඇස් අස්සට එන්නෙම නිර්වාන් .....ඒත්.....ඇස් ඇරගන ඉන්නත් බයයි ...හිස් බිත්තියක පවා ඇදෙන්නෙ නිර්වාන් .....සැරින් සැරේම බරම බර හුස්මවල් ඉහලට අදින සනාශ් කී පාරක් බාතෲම් ගියාද කියන්න මම තියා ඌ වත් දන්නෙ නෑ...ඌ යනවා...ඒත් ඌට යන්න බඩේ මොකුත් ඇත්තෙත් නෑ..කොටිම්ම ඌයි මායි කෙරුවෙ කල්පයක් තරම් දිග තත්පර ගෙවා ගන්න නැහුන එක......

ඇත්ත ඔය කව් ලොයන මිනිස්සු....ආත්මෙම අතට අරන් ලියන මිනිස්සු කියන කතාව..ලියන කතාව ඇත්ත....උඹ මගෙ ළඟ ඉන්නකොට කල්පයක් කියන්නෙම තත්පරයක් ..ඒත් උඹ මගෙ ළඟ නැති කොට තත්පරයක් කියන්නෙම කල්පයක් ........

ඔය කොන්ඩෙ පීරගනින් චූටි.....

විදින විරහ වේදනාවෙ තරම කොයි තරම්ද කියනවා නම්...ඉස්සර නිර්වාන් ඉන්න හන්දම දහපාරක් පීරපු කොන්ඩෙට දැන් මට පනාව ගහන්න අමතක උනා.......සනාශ් හැසිරෙන්නෙ මේ ලෝකෙ එකෙ නෙවෙන ගානට.....කල්පයක් තරන් කාලයක් දිගට  ආදරෙ  නොකරත්....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now