35 වනකොටස..

3.1K 755 153
                                    

ශෙනිරු ........

මං බලාගන උන්නා...කියන දේ නෑහුනා උනත් චූටි අයියා කිව්වෙ මොකක් උනත් නරක දෙයක් කියන එක මගෙ යටි හිත මාවපාර පාර කියනකොට මං අතේ තිබුන ස්ක්‍රිප්ට් එකත් දාලා එලියට දිව්වා...මොකද..ශෙනිරුට ඔය විදිහට වෙන්න එකම හේතුව නිර්වාන් ...මම ලොකුවට බැදිලා ඉන්න තරම කොයි තරම්ද ශෙනිරු නිර්වාන්ට බැදිලා උනා...

මට බය හිතුනා...එයා ආයමත් මොකක් හරි මෝඩ වැඩක් කරගන ඇති කියලාබය හිතුනා....

චූටි අයියේ.......

ගෙදරට චූටි  අයියා ඉස්කෝලෙට ආරව් සර් උනත් හිතේ ගැස්ම වැඩි කමටම මං කෑ ගැහුවෙ චූටි අයියෙ කියලා වෙනකොට  කලන්තෙට ආවා වගේ උන්න ශෙනිරු අනිත් පාර පිස්සට හැතැම්ම නෑ වගෙ කොහෙටද දුවන්න ගත්තා...

චූටි අයියෙ....නිරූට...මගෙ නිරූට....එයාට මොකක් හරි...වෙලාද...එයාට....අනේ කියපන්කො චූටි අයියෙ......මගෙ නිර්වාන් ආයම මොකක් හරි කරන්ද......

මං එයව හෙලෙව්වා ....ඉන්නෙ ඉස්කෝලේ කියලා නොබලම අයිති වාසිකම් කිය කිය මං චූටි අයියව හෙලෙව්වා ...එදා මහ රෑ ස්ලැබ් එකට නැගන් උන්න නිර්වාන්ව මතක් උන මම කෑ ගැහුවා...

චූටි........සයාශ් ...

එයාටමන් කිව්වා...එයාටමන් කිව්වනෙ චූටි අයියෙ.......එයාට....අනේ...

මට ඇඩුනා.......මගෙ හිත කිව්වෙම නිර්වාන් මුරන්ඩු කමක් කරලා කරලා කරමයි කියනකොට මං බලාගන මෙතනින් දුවාපු ශෙනිරු අනිත් පාර බෑග් එකත් එල්ලන් ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුවෙන් එලියට දුවනවා....

චූටි අයියෙ..මොකක්ද වෙලා.....තියෙන්නෙ කියලා දැන් වත් කියපන්කො......උඹට කට නැද්ද.....මොන මගුලක්ද වෙලා තියෙන්නෙ....කියපන්කො චූටි අයියෙ...

සයාශ් කලබල නොවී ඉදපන් සයාශ්

කලබල නොවී ඉන්න කියන්නෙ...වෙච්ච දේ කියලා ඉදපන් චූටි අයියෙ ....අරූ ආයම මොකක් හරි කරන්ද.....නිර්වාන්..මගෙ නිර්වාන් ....

චූටි...මේක ඉස්කොලේ !!

මං චූටි අයියව හොලව හොලව අවසානෙදි උඹ බන් කියන තැනටම වැටුනා....මොකක්ද උනේ කියන එක නොකියා....එයා ඵෝන් එක කනේ තියාගන එහා මෙහා වෙනකොට මං එයාව ඇදලා ගත්තා.....වෙච්ච දේ දන්න එකම කෙනත් එයා විතරක් වෙනකොට මගෙ ප්‍රශ්නවලට උත්තර නොදි එහා මෙහා වෙන චූටි අයියා එක්ක මට තද උනා........එයා මට සැර උනා...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Waar verhalen tot leven komen. Ontdek het nu