73 වන කොටස.....

2.4K 605 90
                                    

මිනිස්සුන්ට මානසීක වදයක් වෙන්න එපා...මන් කියන්නෙ එච්චරයි.....ඒක මහ වදයක්.............වෙන මොකුත් ඉල්ලන්නෙ නෑ.....මං ඉල්ලන්නෙ ඔයාගෙන් තවත් මනුස්සයෙක්ගෙ නිදහස කන්න එපා කියලා....ඔලුව කන්න එපා කියලා........එකම දේ....එකම දේ....එකම..දේ.......ගෙයි අස්ස අපායක් කරන්......තමුන් රටේ ලෝකෙට වෙන මූනක් පෙන්නවා.......

නිර්.....

නීප්....බීප්......

මන් ස්ටියරින් වීල් එකට අත මිටමොලවම ගැහුවා.............එතනින් එහා ආය කටක් වත් හොලවන්න නොතියම මං කෝල් එක කට් කරලා දැම්මා.......

මට මගෙ ජීවිතේ නොලැබීම් නම් ගොඩයි......ඒ හැම දේම අම්මා වටා ගෙතුනු නොලැබීම්.......ඒ හැම වේදනාවක්ම අම්මා හේතු හේතු උන වේදනාවල්.......යන්තන් අටවගත්තු පවුලක අවසානෙ මං කඩා ඉහිරුන පවුලක් විදිහට දැක්කා........කටපුරාම අප්පච්චින් කියාපු මනුස්සය හත් ගව්වක් දුරකට ගියා...........මගෙ ලේ කෝප කරාපු සමහර හේතු මගෙ ලගට ලන් උනා...අවසානෙදි මං හිත හදාගත්තා.....

මං සතුටක් කියලා ලැබුවා නම්.....ඒ මේ ලෝකෙ ජීවත් උන එකම මනුස්ස පරානයක් හන්දා .......

මං ආදරයක් කියල වින්දා නම්....ලැබුවා නම්......ඒ මේ ලෝකෙ ජීවත් උන එකම මනුස්ස පරානයක් හන්දා.........

මිනිස්සු සෙනසුරු අපල කිය කිය කොච්චර බාර හාර උනත්..මට ලබාපු සෙනසුරාට බාර හාර වෙලා පලක් නැති උනා......

..මගෙ ඔලුව පුපුරන්න වගේ ... යකාගෙ කම්මල වගේ. ............මට හරියටම ඇහුනෙ සයාශ්ට අසනීපයි කියන එක විතරයි ....එත්නිණ් එහාට කත කරපු කෙනා කියපු කතවක් වත් එයාට හුගක් අමාරුද....මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනත්...මගෙ ජීවීතේට දැන් ඉන්න කරවිල වලටත් වඩා තිත්ත රස අනෝමා කියන නම ඔලුවට ආවා.....

කිඹුහුමක් ගියත් මට උඹව සැකයි කියලා මට ඇගිල්ල දික් කරන්න පුලුවන් මනුස්සයෙක් මේ මිහිපිට උනා නම්....ඒ කුහක චරිතෙ විතරක්ම වෙනකොට ....මෙච්චර කල්....අනේ ඒ අම්මනෙ.....මොනවා උනත් අම්මනෙ...අම්මනෙ...අම්මනෙ ගගා මාව දුර්වල කරපු වච්නෙ මං මුදුන් මුලත් එක්කම මගෙ හිතින් ගලවලා විසික් කෙරුවා........

මොන වේදනාව දුන්නත් මං ඉවසුවා.....අම්මනෙ...අම්මනෙ....ඒ උඹගෙ අම්මානෙ කියලා මිනිස්සු මට ඇගිල්ල දික් කරාවි කියලා මං ඉවසන් උන්නා....ඒත්....මීට එහා නම් කොහෙත්ම බැරිකොට ...වෙනදට මොනා උනත් ඒ අම්මනෙ කියලා හිතුන මට දැන් හිතෙන්නෙම......උඹ මගෙ අම්මද....උඹ මගෙ අම්මද.....උඹ මගෙ අම්මද කියන එක විතරක් වෙනකොට මම මගෙ තරහව පිට කරගන්න ස්ටියරින් වීල් එකට ගගහා කෙලිම්ම ලයනල් වෙන්ට් එකට ගියා ...


D€VOT€D TO ¥OU🖤(✅✔️)Wo Geschichten leben. Entdecke jetzt