49 වන කොටස....

2.7K 737 369
                                    

සංජන හිනා වෙනවා....ඇත්තටම ඒ හිනාව මහ ගුප්තයි ...සමච්චල් සහගතයි........වෛරක්කාරි ඇස් දෙකක් එක්ක තිබුන හිනාවෙන් තනිකරම කියවුනේම නිර්වාන්ගෙ අම්මට මීට වඩා දේවල් ඉස්සරහට වෙයි කියලා වෙද්දි මට ඉබේටම කෙල ගිලුනා.....ගෙයි අස්සෙන් තව තව පිගන් කෝප්ප කුඩු උනා...

සුරේන්...ඇයි සුරේන් මේ....

ඇයි මේ........ඇයි කියල දැනගන්න ඕනද. ........පලවෙනි දෙ ....උඹට ගෑනු රූපයක් අහම්බෙන් හම්බ උන එකියක් ඒකයි.....මට කියපන්......කහ ඉරේදි ළමයෙක් හප්පන් එන තරමට උඹගෙ සිහිකල්පනාව තිබුනෙ......ආ අනෝමා.....?

සුරේන් අහන්න....ඒ ළමයා ළමයා ලමයයි පැන්නෙ සුරේන්....ඒ ලමයයි පැන්නෙ .. හිගන පැටව්ට මොනවා තේරෙනවටද සුරේන් ....

ඇත්ත...හිගන පැටව් ළමයි නෙවේ....උඹගෙ ලමය විතරයි ළමයා...එහෙමද අනෝමා......ම්ම්ම්

සුරේ...න්.....අනේ විකාර කතා නොකියා මට මේකට කරන්න දෙයක් හිතන්නකො සුරේන්.....මගෙ වාහනේ අදුනගත්තා නම්...දැනටමත්

ඔව්...උඹව සීසිටීවි වලට අහුවෙලා ඇති....දැනටමත් උඹ ගැන හෑලි ලියවෙනවා ඇති.....හැබැයි එකක් මතක තියාගන්නවා...තමුසෙගෙ ඔය  විකාර වැඩ හන්දා....මගෙ ළමයි දෙන්නගෙන් එකෙක්ට හරි මොකක් හරි උනෝතින්......උන්ට පාරෙ බැහැලා යන්න බැරි උනෝතින් මේ සුරේන් නරකයි කියන්ඩ එපා  අනෝමා....උඹට අච්චර හොද මිනිහෙක් එපා කියලනෙ මාවම ඕනා ගගා උන්නෙ..  නේ....

මම හිතුවෙ නෑ ඇමතියා මෙහෙමයි කියලා ....මං හිතන් උන්නෙ ඇත්තටම ඇමතියා මහ නරකයි කියලා .....සංජනට පොඩ්ඩක් වත් ආදරේ නැති එකෙක්  කියලා....ඒත්....ඇමතියා කියන්නෙ සංජන ගාව වත් නිර්වාන් ගාව වත් පෙන්නන මුන තියන එකෙක් නෙවෙ...........

අනෝමා.......,උඹ ඊලග ඉලෙක්ශන් එකට ඉල්ලන්නෙ නෑ තේරුනාද

සුරේන් .....ඔයාට බෑ එහෙම මට බලපෑම් කරන්න...මිනිස්සු අපිව ඉල්ලනකොට

මිනිස්සු අපිව ඉල්ලනවා....නිකන් විහිලු කතා නොකියා ඉදපන් අනෝමා...අපි පස්ස පාරෙ ගිහින් මොකක් හරි පුටු කබලක් බේසමක් දීලා හරි රස්සාවකට දාලා දෙන්නම් කිව්වම හරි උන් අර කතිරෙ ගහනවා මිසක්....ඒකෙන් මේකෙන් වැඩක් නෑ...මේපාර උඹ ඉල්ලන්නෙ නෑ....එච්චරයි ..උඹට තේරුනානෙ.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now