54 වන කොටස...

3.2K 785 472
                                    

-SYASH POV....

නිර්...වාන්....

මගෙ අතේ තිබුන හෙල්මන්ට් එක බිම වැටුනා......අවසානම.පාරට මං එයාව දැක්කෙ ඉස්කොලේන් අවුට් උන දා...එදයි පස්සෙ නිර්වාන් කියන චරිතෙ ජීවත් උනේ හැමදාම රැයක් ගෙවෙනකන් අඩල අඩලා ඉදිමෙන මගෙ ඇස් වල වගෙම ලොලු නැන්දට එබිලා බලන්න අමාරු මගෙ යටි හිත අස්සෙයි හීන වලයි විතරක් වෙනකොට මං මගෙ පපුවට අත තියා ගත්තා ...මොකද ...මගෙ පපුවෙ ඇම්මක් ආවා.....මගෙ පපුව හිරකරන්න ගත්තා .......

ඉස්සර තරම් වත් දරාගන්න අමාරු මගෙ හිත මගෙ හදවත දැන් නොසෑහෙන්න දුර්වල තිබුනා.......

මට හාර්ට් ඇටෑක් ද මන්දා........

මගෙ ඇස් ඉස්සරහ උන්නෙ දැන් දොස්තර මහත්තයෙක් වෙන්න ඉගන ගන්නවයි" ලූ" කියන නිර්වාන් වගේම කාලෙකටකලින් නිර්වාන්ගෙ වචනවලට මාව බලාගත්තු ශෙනිරු වෙනකොට මං මගෙ අත මිටමොලවලා පපුවට දෙක තුනක් ගහගත්තා ....

චූටියා....ඇයි.....

න්..නෑ...මගෙ පපුව...හිර කරනවා...ල්..ලොකු....

සයාශ් .....

මගෙ පපුව ඇත්තටම හිරකරන්න ගත්තා...උපන්දිනෙ දවසෙම මාව මැරිලා යන්න යනවද මන්දා...පපුවට තියාගන්නවත් එක්කම නිර්වාන් බය වෙලා වගෙ දිහාවට එනවත් එක්කම මං එයාට මගෙ ගාවට එන්න එපාය කියන්න අතක් ඉස්සරහට දික්කෙරුවා ..හැබැයි මං කටින් එක වචනයක් වත් කිව්වෙ නෑ..මොකද මෙච්චර දවසකට දරාගන උන්න මගෙ පපුවට දරාගන ඉන්න ගහපු හැම මුක්කුවක්ම කඩාගන ගියා. .එක හරි වේදනාවක්....

හරියටම තට්ටු ගානක් දරාගන ඉන්න පුලුවන් වෙන විදිහට පහලටම දාන ස්ලැබ් එකට ගහන පලංචි කනු වගේ  වගේ මෙච්චර දවසක් දරාගන උන්න මගෙ පපුවෙ තිබුන හැම පලංචි කනුවක්ම කඩාගන ගියා...ඉතින් මගෙ  හදවත එක පාරම අර නහර වැල් ගලවන් පහලට වැටුනා.....මං ඉතුරු වෙයිද....මං ඉතුරු වෙයිද ඉතින්.........???

චූටියා      ..චූටියා...     ලොකු නැන්දේ     ....

සයාශ් ....සයාශ් ........චූටි.......

මන් හොදින්.....මං හොදින්...නිර්වාන් ...මං....හුගක්....හොදින්.....

මං නිර්වාන්ට මාව අල්ලන්නවත් දුන්නෙ නෑ....හොරෙන් වත් මට අවස්තාවක් දියන් කියලා මැසේජ් සිය දහස් වතාවක් දාපු ඒ එකම මැසේජ් එකකට වත් උත්තර නොදුන්න නිර්වාන්ට මං මාව අල්ලන්නවත් නොදි පැත්තකට උනා...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now