31 වන කොටස

4.3K 830 374
                                    

ම්ම්ම්ම්හ්හ්......

ශ්ශ්...ශ්ශ්....දොයියන්න...දොයියන්න....
තාම රෑ.....

මට නින්ද ගියා ..නපුරු නිර්වාන් අත් දෙකෙම්ම මාව තුරුල් කරගන්නකොට මං ලොකුවට මගෙ අඩු දෙක දාන විදිහටම මගෙ අඩු දෙක දැම්මා විතරක් නෙවෙ පූසෙක් වගේ තවත් එයාගෙ බෙල්ල අස්සට රිංගන් කෙදිරි ගෑවා..... .....

කඩින් කඩ මට ඇහැරුන.....ලයිට් එලි වලට වගේම නුපුරුදු තැන විතරක් නෙවෙ...මාව මේ කිටි කිටියට තුරුල් කරන් ඉන්නෙ නිර්වාන් කියන එකත් මතක් උන මට නින්ද ගියේම නැතිතරම් වෙනකොට පූසා වගේ උන්න මං දහපාරක් විතර චූ දාන්න ගියා........

දනහිස් දෙකම සුදු පාට බැන්ඩේජ් වලින් ඔතලා තිබ්බා මදිවට වැලමිටවල් දෙකත් ඔතලා තියනකොට මං නිකන් පිරමීඩෙකින් නැගිටන් එන හන රෙදි බාගෙට ගලවගත්තු මමියක්  වගේ වෙද්දි හරියට නවා ගන්න බැරි දනහිස් හන්දා මං රොබෝ ටික්කා වගේ දෙපැත්තට වැනි වැනි ඇවිද්දා ......

අවසානෙදි සුදු පාට ගාපු බිත්තියෙ එල්ලා තිබුන රවුම් ඔරලෝසුවෙ කටු ටික තුනෙ කනිසම පහු කරනවත් එක්කම සීනි අමාරුව හැදිල වගේ චූ කරන්න දුවපු මට නිර්වාන් ගාව හොදටම නින්ද ගියා විතරක් නෙවෙ...මං හොරෙක් වගේ අතකුත් තියාගත්තා .....

ම්හුක්....මගෙනෙ.............!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Suzume .....!

පාන්දර ජාමෙක නින්ද ගියපු මට ලාවට වගේ suzume  සින්දුව ඇහුනා.........ඇහෙන නෑහෙන ගානට..ඇහෙනවදත් කියලා සැක හිතෙන ගානට ...........

අලුත් දවසක් පටන් අරන්....

මන් ඉන්නෙ තවමත් නිර්වාන් ලග.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now