01වන කොටස...

17.3K 1.1K 519
                                    

SAYASH 'S POV....

ශ්‍රී ලංකා...මාතා.......
අප ශ්‍ර්‍රී......ලංකා....
නමෝ....නමෝ.....නමෝ....නමෝ....මාතා..

සුන්දර සිරිබරිනි....
සුරැදි අති සෝභමාන
ලංකා......

දානත් නෑ මානත් නෑ.....බලපන් ජාතික ගීයෙම්ම කියන්නෙ බොරුනෙ....

කට පියන් ඉන්නවකො පොඩ්ඩක්....

නෑ මං කියන්නෙ......ඔන්න බලපන් දාන්‍ය දනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය කෝ...කොහෙද මල් පලතුරු තියෙන්නෙ බලපන්...පෙරේදා රෑ අප්පච්චි ගෙනාව ඇපල් ගෙඩියම පන්සීය ගානක්...ඉතින් කොහෙද බූරුවො පලතුරු තියෙන්නෙ.......ඉස්සර අපි සීයට ඇපල් ගෙඩි පහක් ගත්තා .....දැන්....

පොඩ්ඩක් කටපියන් ඉදපන්කො.....ආව පලවෙනි දවසෙම උඹවයි මාවයි දැන් එලවනවා...මේක අර ගමෙ එක වගේ නෙවෙ කියලා අයියා කට කැඩෙනකන් තොටයි මටයි ඔලුවට ඇන ඇන කිව්ව නේද.....?

කිව්වා ඒක හරි...ඒ උනාට ජාතික ගීයට උනත් බොරු කියන එක එච්චර හොද නෑ.....අප ශ්‍රී.......ලංකා.........නමෝ...නමෝ...නමෝ...නමෝ...මාතා..........

ඔලුව වත් උස්සලා නොබලපු මම උන්න තැනින් හිමින් සැරේ අඩියක් පැත්තකට උනා.....

කොරෝනා ...අරක..මේක......තෙල් ප්‍රශ්න..වතුර ප්‍රශ්න...කෑම බීම...එකී මෙකී නොකි හැම මගුලෙ ප්‍රශ්නයක්ම ඉවර වෙලා ඒලෙවල් පටන් ගන්නකොට  පෙබරවාරි මාසෙ උනා....හරියටම පෙබරවාරි හය වෙනිදා....එලිසබෙත් ආච්චිගෙන් නිදහස් උන දවස පහු වෙලා ඊලග දවස නෙවෙ   අනිත් දවස වෙනකොට අපිට තිබුන නිදහස ආපිට අපෙන් උදුර ගත්තා .....

වෙනමොකුත් නෙවෙ..."අපො සාපේ..."ඉවර වෙලා උසස් පෙලට ඉස්කෝලේ පටන් ගත්තා...

වෙලාවකට මට හිතෙනවා...එන්ගලන්තෙ උන් අපිට නිදහස දුන්න වෙලේ ආපහු යටත් කරගත්තා නම් එකක් කියලා...යටත් විජිතයක් වෙලා හරි උන් අපිව නැගිට්ටවන්න ගියා.......ඒත් නැත්තන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ඕනා.....

රටේම ඉන්න නලුවොයි..නිලියොයි...ගායකයොයි.......
කසිප්පුවොයි.....කෝච්චිවල යනකොට මාලකඩපු උනුයි...මිරිස් කුඩු වලින් ගහගත්තු උනුයි ඔක්කොම දියවන්නාව අල්ලන් කරන විකාරෙ දැක්කා නම් අවුරුදු ගානකට කලින් සුද්දන්ගෙන් රට බේරගන්න මැරුම් කාපු සරදියෙල්ලා මේව දැක්කා නම් මුන්ට වලෙන් නැගිටලා ඇවිදිල්ලා ගහනවා........නැත්තන් වෙඩි තියනවා.....


D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now