65 වන කොටස...

3.5K 724 117
                                    

ස්වීනී.........

දෙවනි පාරටත් නිර්වාන්ගෙ අම්මා කතා කෙරුවා ....

ආන්ටි ඉන්න මං යන්නම්....මට එයා එක්ක කතා කරන්න ඕනා....

නිර්වාන් ශෙනිරුගෙ අම්මා ඇතුලට යන එක නැවැත්තුවා.........හැබැයි...මාව ඇතුලට එක්ක ගියා .....ශෙනිරුගෙ අම්මා මගෙන් මොනවා හරි අහයි කියලද දන්නෙ නෑ......

අම්මා.......

නිර්වාන්......

මම ගියේ නිර්වාන්ගෙ පිටිපස්සෙන් ....මට ඒ ගෑනු මනුස්සයගෙ මූන අවුරුදු ගානකින් දකින්න හම්බ උනේ නෑ....ඒකට එකම හේතුව....මේ අවුරුදු ගානටම මං නිර්වාන්ගෙනුත් හැංගෙන්න හැදුවා  .......මට මාව පවා හොයා ගන්න බැරිව යනකොට මං එයාගෙ අම්මව කොහොම කියලා නම් හොයා ගන්නද ....

හ්..හායි ......ඇ...න්ටි  ..

නිර්වාන්ගෙ පිටිපස්සෙන් ඉදන් මං හිමින් සැරේ බෙල්ල දාලා  ඒ පැලන්තියට ගැලපෙන විදිහට හායි කිව්වා...අපි වගෙ කට පුරා නැන්දෙ කියන්න බෑනෙ......අනික....ඇමති තුමී කෙනෙක් නෙ.............පුදුමයි ගාර්ඩ් එක නෑ........ලැජ්ජා ඇති .........

හ්ම්....හායි.....නිර්වාන්...මොකද මේ මහ පාන්දර.....කොහෙද යන්නෙ....

වෙන ගමනක් ගියා නම්.මං ඔයාව බලන්න මෙවෙලෙ එන්නෙ නෑනෙ අම්මා...මං ආවෙ ඔයාව බලන්න.....

එලියෙ ස්විනී ආන්ටි ඉන්නවද

ම්න්....ඉන්නවා.......ඔයාගෙ කකුලට කොහොමද

අමාරුවක් නෑ .......

ම්න්....ම්ම්ම්....

පුදුම තරන් නීරසයි   හරි සීතලයි .....මේ ඉන්නෙ අම්මයි පුතයි කියලා මන් දන්න නිසාහොදයි.....නැත්තන් පිටින් බලන ඕනම එකෙක්ට හිතෙන්නෙ මේ ඉන්නෙ පිටස්තරයො දෙන්නෙක් කියලා...නන්නාදුන  දෙන්නෙක් කියලා ......නිර්වාන්ගෙ අම්මට එක ඉදිකටු තුඩක තරම් වත් තමන්ගෙ ළමයා මේමහ පාන්දර ආවා කියලා ගානක් නෑ......

නිර්වාන් මට අර ඵෝන් එක අරන් දෙන්න.....ඩැඩාට කෝල් එකක් අරන් බලන්න...ඒ මිනිහා තාම අර පරනගෑනුගෙ ගෙදරද බලන්න.......

අම්මා........ඇත්තටම ...අම්මට මොකක්ද වෙලා තියෙන්නෙ.......???පරන ගෑනිගෙ ගෙදර.....මොනවද ඔයා ඔය කතා කරන විදිහ.....අම්මා...ඒක සංජනගෙ අම්මගෙ ගෙදර........ඩැඩා කියන මනුස්සයගෙ ලීගල් වයිෆ්ගෙ ගෙදර....එතකොට...අම්මා...අම්මා.....අඩුම ගානෙ....අම්මටයි ඩැඩාටයි මැරේජ් සෙටිෆිකේට් එකක් වත් තියනවද .....මේ මුලු රටේම මිනිස්සු දන්නෙ අම්මයි ඩැඩයි  එකට ජීවත් වෙනවා කියන එකයි...මම ඇවිත් ඇමතියගෙ මිස්ටේක් එකක් කියන එකයි විතරයි අම්මා....දැන් වත් දෙයියන්ගෙ   නාමෙට ඔය බහුබූතෙ අතෑරපන්.....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now