06 වන කොටස...

5.1K 905 475
                                    

ආ...ව්ව්හ්...අ...ම්..හ්ක්...

මං උන්නෙ කම්බි වැටේ ඇමිනිලා...අරූ උන්නෙ කම්බි කනුවක් බදාගන.......වැටුන වැටිල්ලට බයිසිකලේ රෝද දෙකම උඩ අතට හැරිල මදිවට එකක් කැරකෙන ගමන් තිබ්බා වගේම මං බලාගෙන අපේ එකාගෙ යටි තොල උඩු තොල කොල ගෙම්බගෙ වගේ චප්ප චිරිප්පන් වෙලා තිබුනා...

පන්ඩිත කම....

උඩින් ගිය මම කම්බි වැටේ ඇමිනිලා උන්නෙ කරන්ට් කම්බි වල එල්ලිලා ඉන්න වවුලෙක් වගෙ වෙනකොට වෙච්ච කෙරිච්ච දේ අකුරක් නැරම දන්න හෙඩයි ඩිෆියුටියයි  අගලට බැහැලා සරනක් නැති අපි දෙන්නව ගලවනකොට හෙඩා කාටත් නෑහෙන්න ,ඒත් මට විතරක් ඇහෙන්න පන්ඩිත කම කියනවා එක්කම මට තද උනා...

ම්හු...ක්..අහකට වෙන්න...මට...පුලුවන් මාව ගලවගන්න.......

ඇමිනීගන උන්න මම මාව ගලවගන්න හැදුවා...එයා මාව අතෑරියා හරියටම
" හරි  ගලවගන පෙන්නපන්කො" කියලා කියන්න වගේ වෙද්දි මම ඇමිනුනු ඇදුම් ගලවන්න බැරි තැන ඉරනකොට මං බලාගන කට චප්ප උන සනාශ්ව ඩිෆියුටියා බොහෝම ආදරෙන් කම්බි කනුවෙන් ගලවගන්නවා....

කෝ බලන්න...තොල්පට පැලිලා නේද ....

නැ..නෑ...මං..හොදින්...අපි..දෙන්නා යහතින්........ම්හ්.....අම්මියෙ..හ්..අපි...
හොදින්....

නිර්වාන් ....මොකද කරන්නෙ....

මම තාම වවුලා වගේ ඇමිනිලා...ඇයි ඉතින් මට කවුරුත් උදව් කරන්න නෑනෙ.....අනිත් පැත්තෙන්  ලොකූ දිහා බලන් උන්න  ඩිෆියුටියා, අකීකරු මං දිහා රවාගන බලන් උන්න හෙඩාගෙන් මොකද කරන්නෙ අහනකොට මම දකුනු අත බලු අන්ඩක් වගේ නවාගන උන්න ලොකූට කතා කෙරුවා .....උගෙ වැලමිටෙ ලෙල්ලක් නෑ....කනුවෙ ඇනිලද කොහෙද .....

ල්..ලොකූ...මාව...ගලවගන්නකො......

තවමත් මුරන්ඩු කම...නිර්වාන් ඔන්න ඕකව ගලවපන්.....

න්.... .නෑ....ලොකූ...ගල.....එ..එපා....ඌයි...හ්හ්....එපා....කලිසම....ඉ..ඉරෙ....

මට ආය අමුතුවෙන් දකින්න දෙයක් නෑ...එනවා යන්න....

හෙඩා...ඒකට බලන් ඉන්න බැරි උනාද කොහෙද....වැලමිට ගාව තුවාල වෙලා වගේම යටි තොල පුපුරවන් උන්න ලොකූ වේදනා දෙන තැන් අතින් අල්ල අල්ල ඉන්නකොට මෙච්චර වෙලාම ඉවසගන උන්න හෙඩා මාව කම්බි වැටෙන් ඇදල ගත්තා ...ඒකත් නිකන් හරියටම මාලු දැලක පැටලිලා ඉන්න කුනු මාලුවෙක් ගානට වෙනකොට අවසානෙදි මායි ලොකුයි අඩු බඩු කඩාගන සුලු සුලු තුවාල සමගින් නොන්ඩි ගගහා අර බයිසිකල් කට්ට ගාවට යනකොට ඩිෆියුටියා ආයම කෑ ගැහුවා...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now