74 වන කොටස....

3.1K 684 182
                                    

ඩැඩා......

නිර්වාන්ගෙ කැබ් එක යනවත් එක්කම මන් ඵෝන් එක කනේ තියාගත්තා....

මං දන්නෙ නෑ..මගෙ ඔලුව ගිනි ගත්තු කම්මල වගේ........එයා මේ දවස් ටිකේම මීක් නොගා උන්නා.........හෙට ලොකූලා යනවා......ඒක නිසා අම්මා එනවා.......මට දැන් අම්මා එන එකත් හිසරදයක් වගේ.......

ම්ම්ම්ම්.........

එහා පැත්තෙ උන්න අංකල් සුරේන්......වෙලාවකට මට අංකල් සුරේන් වෙන.....හිටපු ගමන් මට ඩැඩා වෙන නිර්වාන්ගෙ තාත්තා එක දිගට කියවගන කියවගන යනවා මට නෙවෙ මෙලෝ මගුලක් තේරෙන්නෙ.............මං කියන කියන එකට හ්ම්....හ්ම්....ඔව්.....නෑ....ගානවා විතරයි ...........

එතකොට....එයත් එනවද....අද.....පාර්ලිමේන්තුවට.......?

මං ආයම හූ මිටි තිබ්බා.........චන්දෙ ළඟ හින්දා ගෑනි මීක් නැති උනත්.....මගෙ හිතට මහ අමුත්තක් දැනෙනකොට එහා පැත්තෙ උන්න්න් ඩැඩා හැමදාම වගේ අදත් මට කත කරලා මගෙ හිත හැදුවා...මොකද ....නිර්වාන් ඉස්සරහා එලි නොදැම්මා උනත්....එදා දෙපාරක්ම ජීප් සවාරියක් ගියපු මගෙ ඔලුව අස්ස එන්න එන්නම නරක් වේගන ආවා........

හෙට....හවස....තුනයි තිහයි....හයයි තිහයි....මං සංජනට ටිකට්ස් තුන දුන්නා......

හ්ම්.......

මං දන්නෙ නෑ.....

අවසානෙදි මං ඇද උඩ ඉදගත්තා.......අංකල් සුරේන් කොච්චර මගෙ හිත හදන්න හැදුවත්...බය වෙන්න එපා අපි ඉන්නවා කිව්වත්......අනෝමා පිස්ටල් එක තියපු පාරට තාම මගෙ ඔලුව ඇදුම් කනවා...තාම මගෙ පපුව ඇදුම් කනවා.......

ටික්.....ටික්.....ටික්..........

නිර්වාන් නිදියන පැත්තෙ තිබුන බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තියන එලාර්ම් ඔරලෝසුවෙ කටු කැරකෙනවා......ටික්....ටික්...ටික්......ඒක ඔරලෝසුව...කැර කෙන්නෙ පුංචි කටු උනත්..මගෙ හිත ටයිමින් බෝම්බයක්......

ටික්.....ටික්....ටික්....ටික්.......

මන් ආයම ඇද උඩට පෙරලුනා.....මුලු කොට්ටෙම්ම නිර්වාන්ගෙ සුවදයි.......එයාගෙ පැත්ත එයාගෙ සුවදයි....මගෙ පැත්තත්......ඇත්තටම මගෙ පැත්තත් එයාගෙ සුවදයි....මොකද...මං නිදියෑවෙම ඒ අත් අස්සෙ....ඉතින් කොහෙන් කියලා නම් මගෙ සුවද එන්නද........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Donde viven las historias. Descúbrelo ahora