46වන කොටස...

3.4K 777 247
                                    

නිරූ.......කොහෙදමේ යන්නෙ....

අපි දෙන්නම උන්නෙ බස් එකේ පිටිම පස්සෙ.......දිගට තියන අවසානම ශීට් එකේ.......කිව්වට විස්වාස කරන්න සීටිබී බස්  එකේ අවසානම ශීට් එකට ඉස්සරහ ශීට්  එකේ පිට කවරෙ නැ..කලුපාට ලෙදර් එක ඉරලා...නැත්තන් කපලා......

තනිකරම  කැටපත් පවුරක්......මෙච්චර සීට් තියනකොට අරුන් දෙන්නා ඉලන්දාරි කමට ෆුට් බෝර්ඩ් එකේ හිටන් උන්නා..කවුරුත් නොදකිනවා උනාට සැලාගෙ ඉන වටේ ඩිපූටුයාගෙ අත එතිලා තිබුනා...ගහමරා ගත්තා උනත් අපේ එකාට කාල් මාක්ස්ව එපා උනත් ඌ නෙවෙ අපේ එකාව අතෑරියෙ......ගහ ගහ බැන බැන හරි ලොකුවට ඩිපූටියා හරි ආදරෙයි කියන්න මං දැනන් උන්නා.....

ඉස්කෝලේ බෑග් එකට යට වෙලා තිබුන අපි දෙන්නගෙ අත් දෙක එකට පැටලිලා තිබුනා.....අතෙ අල්ලට දාඩියත් දාලා...නිර්වාන් ගෙ උරහිස මගෙ බර දරාගන ඉන්නකොට මගෙ ඇස් ඉස්සරහට ශීට් එකේ ලෑල්ල පුරාවටම ගියා....

තනිකරම කවි....කතා...කුනු හර්ප....නම්බර්ස්....හදවත්....විතරමයි...මේ ඔක්කොම ඉස්කෝලේ කොල්ලන්ගෙ වැඩ......

0772316619 cl me

මං ඒකෙ තිබුන නම්බර් එක දිහා  බලාගන උන්නා....ආයමත් යටින් සින්දු කෑලි තිබ්බා.....නම්වල අකුරු තිබුන.....ඒ ඔක්කොම දිහා බලන් උන්න මං මගෙ සාක්කුවෙන් පෑනක් ගත්තා

මොකක්ද කරන්න හදන්නෙ?

ම්හුක්...නම ලියන්න......ලියමුකො නිරූ

මොලේ හොද නැද්ද..

මං රවාගත්තා ....මීට තත්පර දෙක තුනකට කලින් ඒකගෙ හැම දේම මං කියපු මගෙ අනාගත සමුණා මොලේ හොද නැද්ද කියනකොට හොද පජාත කතාවක් කියන්න මාත් කට ඇරියා...ආදරෙ ආදරෙ කියලා විසි හතර පැයම මැනික බබී රත්තරන් මගෙ රන්කද ගානවට වඩා තෝ බොල වර පලමිනිහො යස්සයො තට්ටයො නරකාදියො කියන්න පුලුවන් ඔක්කොම කුනුහර්ප කියන උන් ගාව ආදරෙ උතුරන්න තියනවා කියන්න නිර්වාගෙම්ම ඉගන ගත්තු මන් මගෙ හැකර කට ඇරියා....

මොලේ හොද නම් උඹ එක්ක එනවද?

...........

අනික නිරූ මැටි වලට එකතු වෙන්නෙ මැටිනෙ......මට මොලේ හොද නැති බව දන්නවා නම් ඇයි මා එක්ක යාලු උනේ...උඹටත් මොලේ හොද නැති හන්දනෙ....

D€VOT€D TO ¥OU🖤(✅✔️)Kde žijí příběhy. Začni objevovat